ජයලලිතා මිය යයි - ජයලලිතා වෙනුවෙන් තමිල්නාඩුවේ දින 7ක ශෝක කාලයක්(VIDEO)

ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමතිනිය අභාවප‍්‍රාප්ත වූයේ යයි චෙන්නායිහි ඇපලෝ රෝහල තහවුරු කරයි. ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතක...

ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමතිනිය අභාවප‍්‍රාප්ත වූයේ යයි චෙන්නායිහි ඇපලෝ රෝහල තහවුරු කරයි. ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකෙරුණු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් බවට මුලදීම වාර්තා විය. ජයලලිතාගේ අභිවයෙන් පුරප්පාඩු වූ තමිල්නාඩු මහ ඇමති ධුරය හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නායකත්වය තමිල්නාඩු මුදල් ඇමති ලෙස කටයුතු කල ඕ. පනීර්සෙල්වම් පත් කර ඇත.

අභාවප‍්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා.තමිල්නාඩු ප‍්‍රාන්තයේ පාසල් දින 3ක් වසා තැබීමට ද ප‍්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.ජයලලිතා ජයරාම්ගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා චෙන්නායි හි රාජාජි ශාලාවේ තැන්පත් කර තිබෙනවා.දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම ශාලාව වටා රොක්ව සිටින ආකාරය ඉන්දීය රූපවාහිනී නාලිකා සජීවීව විකාශය කළා.
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3125263396179329048

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item