ගෝඨාභය ඇතුළු 7ක විදෙස් ගමන් තහනම ඉවත් කරයි

රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පනවා ඇති වි...



රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කර තිබේ.

අදාළ නඩුව අද(01)කැඳවූ අවස්ථාවේ විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් ඒ අනුව විත්තිකරුවන්ට විදෙස් ගමන් යා හැකි බවත්,එසේ වුවද ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට හා අල්ලස් කොමිසමට දැනුම්දිය යුතුව ඇති බව සඳහන් කර තිබේ.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7657578949690574820

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item