ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයි

තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා විමත් සමග තමිල්නාඩුවේ ඇයගේ ආධාරකයින් චෙන්නායිහි ඇපලෝ ...

තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා විමත් සමග තමිල්නාඩුවේ ඇයගේ ආධාරකයින් චෙන්නායිහි ඇපලෝ රෝහල ආසන්නයට පැමිණ තිබේ.

ආරක්ෂාව සඳහා 1000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රෝහල ආසන්නයට පැමිණ තිබේ


තමිල්නාඩු මහ ඇමතිනිය මිය ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව චෙන්නායිහි අැපලෝ රෝහල සඳහන් කරනවා.


තමින්නාඩු මහ ඇමතිනී ජේ. ජයලලිතා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හය වතාවක් තමිල්නාඩුවේ මහ ඇමතිධුරය හෙබවූ ජයලලිතා මහත්මිය 68 වැනි වියේ පසුවූවාය. 

චෙන්නායි හි ඇපලෝ රෝහලේදී ඇය මිය ගොස් ඇති බව වාර්තාවෙයි. ඇයට ඇතිවූ හෘද රෝගී තත්ත්වයකට එම රෝහලේදි ශල්‍යකර්මයක්ද සිදු කළේය. ඉන් අනතුරුව ඇයගේ තත්ත්වය අසාධ්‍ය බව මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

හින්දුස්තාන් පුවත් සේවය පමණක් ජයලලිතා ජීවිතක්ෂයට පත්වූ බව දේශීය රූපවාහිනී සේවයක් උපුටා දක්වමින් වාර්තා කළේය.

කෙසේ වෙතත් වෙනත් කිසිදු මාධ්‍යයක් ඒ බව තහවුරු නොකළේය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 865338818150643417

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item