පොලිස්පති කතා කළ විධියේ වැරැද්දක් නෑ - ඇමති රාජිත

පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ තමන් වරදක් නොදකින බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍...

පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ තමන් වරදක් නොදකින බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයා අදාළ දුරකතන සංවාදය අතරතුර "අත්අඩංගුවට ගන්න එපා" දැක්වූ ප්‍රතිචාරය තුළින් කිසිවෙකුට බලපෑමක් කර නැති බවත්, ඔහු ඒ අවස්ථාවේදී අදාළ ඇමතුමට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීම සිදුකර ඇති බව හොඳින් පැහැදිළි වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වත්මන් පොලිස්පතිවරයා වෘත්තිමය පොලිස්පතිවරයෙකු නොවේ යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කර ඇති ප්‍රකාශයක් එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලද අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වැනි ඕනෑම පහත් වැඩක් කළ හැකි අයෙකු‍ ගැන කතා කිරීමෙන් ඵලක් නැති බවයි.

තවද "ගෝඨාභය රාජපක්ෂ කලිසමක් ඇඳගෙනද" මේ කතා කියන්නේ යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් පැනවීමට යෝජනා කළ දඩ 07 සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇති බවත්, ඒවා කිසිසේත් වෙනස් කිරීමට මෙතෙක් එකඟතාවයකට පැමිණ නැති බවත්, අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කරන දේශපාලනඥයින් බන්ධනාගාර වෛද්‍යවරුන් මාර්ගයෙන් රෝහල්ගතවීම ගැන ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එක් වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් එසේ පැමිණිලි ලැබී ඇති බව හා ඔහු‍ ගැන සොයාබැලීමට පියවර ගන්නා බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2307820632300589116

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item