පෙර පව්වලට මම දුක් විදිනවා

සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ වාර්තාව තමා වෙත මේ මස 28 වෙනිදාට පෙර ලැබීමට නියමිත බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා ...

සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ වාර්තාව තමා වෙත මේ මස 28 වෙනිදාට පෙර ලැබීමට නියමිත බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.

ඒ අනුව පුංචි ඡන්දය මාර්තු මාසය පෙර පැවැත්වීමට හැකියාව පවතින බව හෙතෙම පෙන්වා දෙයි.

"පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ කිරීම තෙවසක් තිස්සේ කතිකාවට ලක්වූ මහජනතාව තුළ උනන්දුවක් දැක්වු මාතෘකාවක්. ඒ නිසා මේ මස 30දාට පෙර එහි වාර්තාවක් ලබා දෙන ලෙස සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවෙන් ඉල්ලීමක් කළා. එම වාර්තාව මේ මස 28 වෙනිදා භාර දීමට නියමිතයි. මේ වැඩපිළිවෙළ උවමනාවෙන් ප්‍රමාද කරන බවටත්, කකුළෙන් අදින බවටත් මට චෝදනා එල්ල වෙනවා. මා අතින් එවැනි වරදක් සිදුවී නැහැ. වාර්තාව ලබා දුන් වහාම මාර්තු මාසයේ පමණ මැතිවණය පැවැත්වීමට සූදානම්. මම මැතිවරණ කොමිසමට ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු යොදා තිබෙනවා.

පෙර පව්වලට මම දුක් විදිනවා. පෙර සිදුකළ වාර්තාව නිවැරදිව සිදු කළා නම් මේ වන විට සියලු කටයුතු නිමා කිරීමේ හැකියාව උදා වෙලා.

ආණ්ඩුව නියෝජනය කරන්නේ පාර්ශවයන් දෙකක ඇමැතිවරුයි. ඒ නිසා මතභේද ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි. මේ විවාහය සිදු වූයේ ආදර සම්බන්ධයක් මත හෝ යෝජනාවක් මත නොවෙයි. ආදර සම්බන්ධයක් මත විවාහය සිදුවූවා නම් පවත්වාගෙන යෑම පහසුයි. නමුත් ජනතා තීන්දුවක් මත මේ විවාහය සිදුවුණා. ඒ නිසා දෙපාර්ශ්වයේ ඇමැතිවරු විරුද්ධ අදහස් දැක්වුවද ආණ්ඩුව පවත්වාගෙන යා යුතුයි. එජාපයට මන්ත්‍රී ආසන 113 ක් ලැබුණද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ආසන 113ක් ලැබුණද ජනාධිපතිතුමාගේ සිහිනය සැබෑ වන්නේ නැහැ. පක්ෂ දෙකටම තනියෙන් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ජනවරමක් ලැබුණේ නැහැ.

ඒ නිසා මේ තත්ත්වය ඇති වුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් යනැයි සමහරුකියනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ හැකි අපේක්ෂකයෙකු සොයා ගැනීම අපහසු වුණා. ප්‍රගතිශිලි බලවේග පොදු අපේක්ෂකයා වටා ඒකරාශී වුණා. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජයග්‍රහණ කිරීම ජනතා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නොවුණා නම් යහපාලන ආණ්ඩුවක් මේ රටේ බිහි වෙන්නේ නැහැ." යැයි හෙතෙම තවදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 215978721205381017

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item