අපිට එජාපයට කඩේ යන්න බෑ

තමන්ට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කඩේ යාමට නොහැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පවසයි. අද පැවැති මාධ්‍ය හ...



තමන්ට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කඩේ යාමට නොහැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ ජනවාරී 8 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා එජාපයෙන් අපේක්ෂකයෙකු නොමැති නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගත් බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද ඒ කොන්දේසිවලට යටත්ව නොවන බවද හෙතෙම පෙන්වාදුන්නේය.

එජාපයේ ඇතැමුන් විවිධ උත්සව සඳහා ජනාධිපතිවරයාගේ රූපය පවා යොදාගනිමින් ශ්‍රීලනිප දෙකඩ කිරීමේ උත්සාහයක නිරතවන බවත්, එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස ඉල්ලා සිටින බවත්, හෙතෙම එහිදී පැවසීය.

පළාත් පාලන මැතිවරණය ලබන ජූනි මාසයේ පවත්වන බව ජනාධිපතිවරයා පැවසූ බවත්, ඒ කොට්ඨාස ක්‍රමය මත පදනම්ව බවත්, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මැතිවරණ සටන වෙනුවෙන් සහය දෙන්නේ නම් එය අගය කරන බවත්, ඒ මහතා වැඩිදුරටත් කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4947561017677601156

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item