“මෛත්‍රීගේ පත්වීම නීති විරෝධියි“ නඩුව කල් යයි!

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කිරීම නීති විරෝධී බව පවසමින් ගොනු කළ නඩුවක් ක...

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කිරීම නීති විරෝධී බව පවසමින් ගොනු කළ නඩුවක් කොළඹ දිසා අධිකරණයේදී අද විභාගයට ගැනුණා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයින් වන අරුණ ප‍්‍රියශාන්ත සහ අසංක ශ‍්‍රීනාත් යන අය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා. මෙම නඩුව ගොනුකිරීමට සහ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මෙහිදී සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වූවා.

නඩුව පෙබරවාරි 20 වෙනිදා යළි සලකා බැලීමටයි කොළඹ දිසා විනිසුරු සනත් ජේ. මොරවක මෙහිදී නියෝග කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1115321365150685127

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item