මහින්දගේ යෝජනා අද අගමැතිට හා සම්බන්ධන්ට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා ඉදිරියේදී අද (09) දින තමන්ගේ අදහස් ඉද...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා ඉදිරියේදී අද (09) දින තමන්ගේ අදහස් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රජයේ අදහස එහිදී පැහැදිලි කරගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇමතිවරුන්ට අවශ්‍ය තරම් වාහන පාවිච්චි කිරීම සඳහා අවසර දෙමින් තමන්ගේ පාලන සමයේදී නිකුත් කළ චක්‍රලේඛය අනුව එම රජයේ ඇමතිවරුන් කටයුතු කළ බවත්, වත්මන් රජය එම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා කීවේය.

“අද අපි ගැන හොයන්න ඇමෙරිකාවේ තියෙන එෆ්.බී.අයි. එකෙන් උපදෙස් අරගෙන ඒ අය මෙහේ ඇවිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරමින් තමයි කටයුතු කරන්නේ.විමල් වීරවංශ වාහනයක් කාටද දුන්නා කියලා හොයනවා. ඇමතිවරයෙක් වශයෙන් තමන්ට වාහන පාවිච්චි කිරීමේ නිදහස තියෙනවා.

චක්‍රලේඛයක් යැව්වා වාහන උවමනා ප්‍රමාණයක් පාවිච්චි කරන්න අයිතිය තියෙනවා,වැඩිපුර වාහන ඕනනම් අපට දන්වලා ගන්න කියලා.ඒ අනුව ඔහු ඔහුගේ යුතුකම් ඉටුකළා.අද සමහර ඇමතිවරු ඒ විදියට වාහනවල යනවා.සමහර නායකයෝ යන දිහා අපි බලන් හිටියා.වාහන විස්සයි,විසිදෙකයි එක පෝලිමට.මේක විකෘති කරලා, වාහනයක් පාවිච්චි කළාම රජයේ දේපොළ පාවිච්චි කළා කියලා ඇප දෙන්නෙ නෑ" යනුවෙන් පවසා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6853051553867492867

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item