ශ්‍රීලනිපය - ඒකාබද්ධ විපක්ෂය විශේෂ හමුවකට සුදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉදිරි දිනවල දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුග...



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉදිරි දිනවල දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගියදා කොළඹ පැවති උත්සවයකට සහභාගී වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ද දේශපාලනික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී දෙපාර්ශවයේම නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවයි.

බෙදී වෙන්වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයගනු ඇති බව දෙපාර්ශවයම පවසා ඇත.

ඉදිරි මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් එම මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි අවස්ථාවක් පවතින බව නිදහස් පක්ෂ නියෝජිතයින් එහිදී පෙන්වා දී තිබේ.

ආසන සංවිධායකවරුන් ඉතා හොඳින් වැඩ කටයුතු සිදුකිරීම ඊට හේතුව බව ද නිදහස් පක්ෂ නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇත.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ සම්මුති ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝග දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9079866584171001599

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item