එල්ටීටීඊ සුසාන භූමි අනුස්මරණ ස්ථාන ලෙස නම් කෙරේ

මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන්ට අයත් සුසාන භූමි දෙකක් අනුස්මරණ ස්ථාන ලෙස නම්කරන මෙන් ඉදිරිපත් වූ යෝජනාවකට කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමි...

මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන්ට අයත් සුසාන භූමි දෙකක් අනුස්මරණ ස්ථාන ලෙස නම්කරන මෙන් ඉදිරිපත් වූ යෝජනාවකට කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය පළ වී තිබේ.

කමිටුව වෙත එම යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා කියා සිටියේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබූ එල්ටීටීඊ සුසාන භූමි විනාශ වී ඇති බැවින් ඥාතීන්ට සිය මිය ගිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ගෞරව දැක්වීමට ස්ථානයක් නොමැති බවය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි එල්ටීටීඊ සාමාජිකයන් මිහිදන් කරන ලද සුසාන භූමි දාහතක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ඒ අනුව කිළිනොච්චියේ මුලංගාවිල් හා කනකපුරම් යන ප්‍රදේශවල පිහිටි සොහොන් බිම් අනුස්මරණ ස්ථාන වශයෙන් ස්ථාපිත කළ යුතු බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා කියා සිටියේ එම යෝජනාව උතුරු පළාත් සභාවට ද ඉදිරිපත් කොට අදාළ සුසාන භූමි දෙක අනුස්මරණ ස්ථාන දෙකක් ලෙස නම් කිරීමට කටයුතු කරන බවය.

සුසාන භූමි පිහිටි ඉඩම් දෙක රජයට අයත් බවත් කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුව පවසා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 231039747334862933

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item