මෛත්‍රීට වැරදි උපදෙස් - එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවීමේ සුදානමක

ජනවාරි 08වැනි දා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවා රට නැවත පිටුපසට ගෙන යෑමට උත්සාහ කරන කල්ලියක් ආණ්ඩුව තුළම සිටින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ...

ජනවාරි 08වැනි දා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවා රට නැවත පිටුපසට ගෙන යෑමට උත්සාහ කරන කල්ලියක් ආණ්ඩුව තුළම සිටින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි පවසන අමාත්‍යවරුන් පිරිසක් එසේ කටයුතු කරන බව කනගාටුවෙන් වුවත් කිව යුතු බව ද එම පිරිස 2015 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි පිරිසක් බවද ඔවුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වෙමින් ඔහුට වැරැදි උපදෙස් දෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකමුතු කර ජාතික ප්‍රශ්නය විසඳීමට යැයි ද අවශ්‍ය වුවහොත් මන්ත්‍රීවරුන් ගෙන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

කොළඹ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝ ගනේෂන් මහතා මේ බව පැවසී ය. 

එම මාධ්‍ය හමුවට එක්වෙමින් එම සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේ ජනවාරි 08 වැනිදා ඇතිවූ වෙනසත් සමග රට ඉදිරියට ගමන් කරමින් සිටින බවත් එහෙත් ජනවාරි 08 වැනිදා වෙනසට සහයෝගය ලබානොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් පිරිස් යහපාලන ගමන ආපස්සට හැරවීමට උත්සාහ ගනිමින් සිටින බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඉවත් වුවද එක්සත් ජාතික පෙරමුණට තනිව ආණ්ඩුව ගෙන යෑමට හැකි බවද හෙතෙම සඳහන් කළේය. 

යහපාලන ගමන ඉදිරියට යෑම වළක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානය සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 53317483765316544

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item