ආණ්ඩුව යෝජිත ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාර බලතල කපන්නේ රට 9 ට බෙදන්නයි. - හේමකුමාර

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් වත්මන් ව්‍යවස්‌ථාව යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට හිමි විය ඇති බලතල කප්පාදු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් ...

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් වත්මන් ව්‍යවස්‌ථාව යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට හිමි විය ඇති බලතල කප්පාදු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. ඒ පිළිබඳව දකුණු පළාත් ආණ්‌ඩුකාර, මව්බිම ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා ගේ ස්‌ථාවරය පහත පරිදි වේ.

ප්‍රශ්නය - මේ මොහොත වන විට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හරහා දැනට ආණ්‌ඩුකාරවරුන්ට හිමිවී ඇති බලතල සීමා කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙනවා.
දැනට ආණ්‌ඩුකාරවරුන්ට හිමිවී ඇති බලතල සීමාකිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර - අලුත් ව්‍යවස්‌ථාව යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට හිමි වී ඇති බලතල අඩු කළ යුතුය කියන යෝජනාව පළමුවෙන්ම ගෙනාවේ උතුරු පළාත් සභාව. උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායකයත් මෙකට හවුල්. ඒ එක්‌කම ජාත්‍යන්තරයෙන් මුදල් ලබන සංවිධාන කිහිපයක්‌ මෙම වැඩපිළිවෙළේ බොහොම වේගයෙන් ක්‍රියාත්මක වනවා. මෙම සංවිධාන විශාල වශයෙන් මුදල් වියදම් කරල ලොකු හෝටල්වල සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වනවා. පළාත් සභාවල මහ ඇමැතිල ගෙන්වනවා. ආණ්‌ඩුකාරවරුන්ටත් එන්න කියල තිබුණා. මට නම් යන්න බැරි වුණා. නමුත් වෙන අය ගිහින් තිබෙනවා. ඒ අය ආණ්‌ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න කියල කියන්නේ ඒක යටි අරමුණක්‌ තබාගෙන. ඒ අරමුණ තමයි පෙඩරල් ක්‍රමයකට රට ගෙනියන එක.

ඒකීය රටක්‌ ලෙස ලංකාවේ ලොකු බලයක්‌ තිබෙන්නේ ජනාධිපතිතුමාට. ආණ්‌ඩුකාර-වරුන් කියල කියන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද නියෝජිතයන් ජනාධිපතිවරයා සතු බලතල එතුමා විසින් ආණ්‌ඩුකාරවරුන්ට ලබාදී තිබෙන්නේ ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කිරීම සඳහායි. එසේ නම් පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ගෙන එන්න කැස කවන කණ්‌ඩායම උත්සාහ කරනව ආණ්‌ඩුකාරවරයාගේ බලය කප්පාදු කිරීම සඳහා ආණ්‌ඩුකාරවරයාගේ බලය කප්පාදු කළහොත් රටේ ඒකීය ස්‌වරූපය ගිලිහිලා ජනාධිපතිවරයාගේ නියෝජිතයාගේ බලතල ගිලිහෙන කොට, පළාත් සභා, පළාත් ආණ්‌ඩු බවට පත් කරගැනීමයි මොවුන්ගේ උත්සාහය.

ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරුන්ගේ සංසදයක්‌ තිබෙනවා. අපි ඒ පිළිබඳව අධ්‍යයනය කළා. එහිදී අපට පැහැදිලි වූවා ලංකාවේ ආණ්‌ඩුකාරවරුන්ගේ බලතලවලටත් වඩා වැඩි බලතල ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරුන්ට තිබෙන බව. ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරුනුත් ලංකාවේ වගේම පත්කරනු ලබන අය. එම රටේ තිබෙන්නේ පළාත් සභා නොවෙයි, පළාත් ආණ්‌ඩු. එසේ තිබියදීත් ලංකාවේ ආණ්‌ඩුdකාරවරයකුට වඩා බලතල ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරයකුට තිබෙනවා.

ඒ අනුවත් පැහැදිලි වනවා ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම ගුණ්‌ඩුවක්‌ බව. පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලිකම දේ තමයි ආණ්‌ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීම. එය කර ගැනීමට හැකි වුවහොත් ෙµඩරල් රාජ්‍ය 9 ක්‌ ගොඩඟගා ගැනීමට හැකි වෙනවා.

ඒ සඳහා යටින් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන සහ රටේ අයිතිය විකුණන අපේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ වෙනත් අයගේ අදහස රටින් බැහැරව සිටින දෙමළ ඩයස්‌ පෝරාවට, ඇතැම් ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් වල අවශ්‍යතාව අනුව පෙඩරල් ක්‍රමයක්‌ හඳුන්වාදීල ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගැනීම. ඔවුන් එම මුදල් ලබාගැනීම සඳහා මෙරට ඒකීය ව්‍යqහය දෙදරවා දැමීමට උත්සාහ කරනවා. ඒ සඳහා තමයි මූලික වශයෙන් ම ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කරන්න හදන්නේ.

ප්‍රශ්නය - ආණ්‌ඩුකාරවරයා සතු බලතල කප්පාදු කිරීම පිළිබඳව සෙසු පළාත්වල ආණ්‌ඩුකාරවරුන්ගේ ස්‌ථාවරය කුමක්‌ද? මේ කාරණය පිළිබඳව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළාද?

පිළිතුර - තවම ජනාධිපතිතුමා මුණගැසුණේ නෑ. නමුත් ආණ්‌ඩුකාරවරුන්ගේ සංසදය වශයෙන් අපි 9 දෙනා මුණගැසෙනවා. ඒ එක්‌කම පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු නොකළ යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කරනවා. ඒ රටේ ඒකීය භාවය පිළිබඳව කල්පනා කරන අය.

එහෙත් ඒකීය පාලන ක්‍රමයෙන් මිදිල, පෙඩරල් පාලන ක්‍රමයකට යන්න කැස කවන අය තමයි ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කිරීමට යෝජනා කරන්නේ. මේ ලණුවට ඇතැම් මහ ඇමැතිවරුනුත් අසුවී සිටිනවා. ඔවුන්ට සීනි බෝලයක්‌ දීල තිබෙනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයන් තමයි ඒව කරන්නේ.

මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයන් යෝජනා කරනවා ජනාධිපතිතුමා, මහ ඇමැතිවරයාගෙන් විමසා ඔහු කැමැති කෙනකු ආණ්‌ඩුකාරවරයා ලෙස පත් කළ යුතු බව. එතකොට එම ආණ්‌ඩුකරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වන්නේ නෑ. අපි හිතමු, දැන් සිටින්නේ සභාග ආණ්‌ඩුවේ ජනාධිපතිවරයෙක්‌, උතුරේ මහ ඇමැතිවරයා වෙනත් පක්‍ෂයක නියෝජිතයෙක්‌, ජනාධිපතිවරයා ඔහුගෙන් විමසා ආණ්‌ඩුකාරවරයා පත් කළ හොත් ඇති වන තත්ත්වය කුමක්‌ද? එතකොට ඇතිවෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ තත්ත්වයක්‌ තමයි. ඔයිට වඩා හොඳයි ඔය යෝජනාව කරන අය ආණ්‌ඩුකාරවරයා ලෙස මහ ඇමැතිතුමාගේ බිරිඳම පත් කරන ලෙස යෝජනා කළා නම්. මේ සූදානම් වන්නේ ඔවුන්ගේ අතකොලුවක්‌ බවට ආණ්‌ඩුකාරවරයා කරගන්න.

එහෙත් ඇතැම් මහඇමැතිවරු මේ ලණුව ගිලල. ඔවුන් සිතනවා ඔවුන්ගේ බල අධිකාරිය වැඩි වේවි කියලා. නමුත් ඒක වෙන්නේ නෑ.

මේ රට ඒකීය රටක්‌. එය තවදුරටත් ඒකීය රටක්‌ ලෙස පැවතිය යුතුයි. නමුත් කුමන්ත්‍රණකාරී කණ්‌ඩායම ප්‍රකාශ කරල තිබෙනවා, පෙඩරල් යන වචනය පාවිච්චි නොකර පෙඩරල් ක්‍රමයකට යා යුතු බව. මගේ ළඟ තිබෙනවා ඔය සංවිධාන ප්‍රකාශයට පත් කළ පොත්. ඒ වගේම තිබුණ වැඩ මුළුවල ඔක්‌කොම විස්‌තර තිබෙනවා. අපි ඒවා අධ්‍යයනය කරල තිබෙනවා.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ජනතාවගේ අදහස්‌ විමසූ ලාල් විඡේනායකගේ වාර්තාව අපි අධ්‍යයනය කළා. මට පෙනෙනවා ඒ වාර්තාව සැකසීමත් අලි පුස්‌සක්‌ කියලා. කිලිනොච්චියට ගියහම කාන්තා සංවිධානයකින් ප්‍රකාශ කරල තිබෙනවා සිංහ කොඩිය අයින් කරන්න කියලා. මන්නාරම් සංවිධානයකින් ප්‍රකාශ කරල තියෙනවා ජාතික කොඩියේ සිංහයා අයින් කරන්න කියලා. ඒ අනුව අපි හිතමු දකුණේ අන්තවාදීව හිතන කෙනකු යෝජනා කරනවා කියල නව ව්‍යවස්‌ථාවෙන් දකුණේ සිටින දෙමළ සහ මුස්‌ලිම් අය එම පළාතෙන් ඉවත් විය යුතුය කියලා. ඒ වගේ අන්තවාදී අප්‍රයෝගික අමනෝඥ යෝජනා තමයි කිලිනොච්චියේ දී සහ මන්නාරමේදී යෝජනා වී තිබෙන්නේ.

මිනිසුන් කියන කියන දේ වාර්තාවකට ගන්න තරම් ලාල් විඡේනායක කොමිසම දුර්වල වෙනවා නම්, මම හිතන්නේ එම කොමිසම තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්aට කරල නෑ. ලාල් විඡේනායක කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්‌. නීතිඥයෙක්‌a. එයාට බලන්න තිබුණා සන්සෝනි කොමිසම කොහොමොද කටයුතු කළේ කියල. හිටපු අග්‍ර විනිශ්චයකාරවරයකු වූ එම්. සී. සන්සෝනි මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක්‌ පත් කළේ යළිත් සිංහල - දෙමළ කෝලාහල ඇති නොවීමට කළ යුතු දේ නිර්දේශ කිරීමට. ශිෂ්‍යයෙක්‌ව සිටි අවධියේදී මම එය බලන්න ගියා. සන්සෝනි මහතා යුක්‌තිය පසිඳලන නඩුකාරයකු සේ එක්‌ එක්‌ පුද්ගලයාගෙන් කරුණු විමසා අන්තර්ගතයත් විමසා අසාධාරණයක්‌ සිදුවූ අවස්‌ථා තිබෙනවා නම් ඒවා සටහන් කළා. අවසානයේදී නැවත සිංහල දෙමළ කෝලාහල ඇති නොවීම සඳහා කළ යුතු දේ නිර්දේශ කළා. එසේ නොමැතිව සන්සෝනි මහතා හැම බහුභූතයක්‌ ම වාර්තාවට ඇතුළත් කළේ නෑ.

නමුත් ලාල් විඡේනායක මහතා ඇතුළු කණ්‌ඩායමේ වාර්තාව ඇත්තටම සාර්ථක නැහැ.

ප්‍රශ්නය - මෙම ප්‍රශ්නය පිළිබඳව උතුරේ මහඇමැති විග්නේශ්වරම් මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණා ද?

පිළිතුර - උතුරේ මහඇමැතිතුමා හමුවූයේ නැහැ. ඒ මහතා අපේ පවුලටත් සම්බන්ධයිනේ. එතුමා මම අඳුරන්නේ මට අවුරුදු 12 සිට. අපේ ලොකු අයියා වූ වාසුදේව නානායක්‌කාරගේ ළඟම යාළුවෙක්‌. ඉස්‌සර අපේමහ ගෙදරට එනවා. එම නිසා කුඩා කාලයේ සිටම ඇසුරු කර තිබෙනවා. පසුකාලීනව තමයි ආවාහ - විවාහ කටයුතු සිද්ධ වූයේ.

මට පෙනෙන විධියට නම් උතුරේ මහ ඇමැතිවරයා ජාතිවාදය ඇඟේ ආරෝපනය කරගෙන සිටින පුද්ගලයෙක්‌. මම දන්න විග්න්ශේෂ්වරම් මහතා නම් ජාතිවාදියෙක්‌ නොවෙයි. නමුත් බලයේ, රැඳී සිටීම සඳහා ඩයස්‌පෝරාවේ වුවමනාව මත ඇඟේa ජාතිවාදය ආරෝපනය කරගෙන අමුතු චරිතයක්‌ වෙන්න හදනවා. බලයේ රැඳී සිටීම සඳහා අමුතු ඇඳුමක්‌ ඇඳගෙන මේ කරන කටයුත්ත කනගාටුදායක සෝචනීය තත්ත්වයක්‌.

ප්‍රශ්නය - සම්පාදනය වෙමින් පවතින නව ව්‍යවස්‌ථාව පිළිබඳව ඔබට බරපතල විවේචනයක්‌ තිබෙන බව පැහැදිලියි. නමුත් මේ මොහොත වන විටත් නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ කටයුතු සිද්ධවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගැනීමට බලාපොරොත්තු වන පියවර කුමක්‌ද?

පිළිතුර - අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම නරකයි කියල කියන්නෙත් නෑ. නමුත් එම ව්‍යවස්‌ථාවට ජනතා විරෝධී කරුණ ද එකතු වෙනවා නම් අපි විරුද්ධයි. මේ රටේ ජනතාවගෙන් 74% ක්‌ සිංහලයන්, 12% ක්‌ දෙමළ ජනතාව, 8% ක්‌ මුස්‌ලිම් ජනතාව. බර්ගර්, මැලේ ඇතුළු ජනතාව 6% ක්‌ සිටිනවා.

එබඳු ජන සංයුතියක්‌ තිබෙන රටක නව ව්‍යවස්‌ථාවන් සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක්‌ එය සම්මත වීම ප්‍රමාණවත් වන්නේ නෑ. නව ව්‍යවස්‌ථාවේ අනිසි ක්‍රියා තිබෙනවා නම් හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලැබෙන එකක්‌ නෑ. මමත් හෘද සාක්‍ෂියට එකඟව දේශපාලනය කරන බොහොම අමාරු භයානක තීන්දු අරගෙන අට්‌ටාලයේ සිට බිමට වැටිච්ච කෙනෙක්‌. එවැනි තීන්දු ගන්න අපි බයවෙන්නෙ නෑ.

පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්‌ථාව සම්මත වුවත්, ඉන් පසුව ජනමත විචාරණයකට යා යුතු වෙනවා. ආණ්‌ඩුව ජනමත විචාරණයකට යනවා නම් යා යුත්තේ දිනන්න බලාගෙන. ජනමත විචාරණයකින් පරාජයට පත්වූ ඉතාලියේ නායකයන්ට අත්වූ ඉරණම අපි දන්නවා.

ජනාධිපතිතුමා කල්පනාවෙන් කටයුතු කරනවා. අගමැතිතුමත් කල්පනාවෙන් කටයුතු කරවා. නමුත් කවුරුවත් ලස්‌සන කුප්පියකට දාල වස දුන්නොත් වයින් කියල රැවටිල බොන එක නරකයි. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තිබෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, නව ව්‍යවස්‌ථාවක්‌ අනවශ්‍ය බවත්, පවතින ව්‍යවස්‌ථාවට සංශෝධන පමණක්‌ ගෙන ආ යුතු බවත් තීරණය කර තිබෙන බව මම පුවත්පත් වලින් දුටුවා. ඒ අනුව යම්කිසි පෙළගැසීමක්‌ තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. විපක්‍ෂයේ සිටින කණ්‌ඩායමත් එම ස්‌ථාවරයේ සිටින්න පුළුවන්. ඒ වගේම ඇතැම් පාර්ශ්වයන් කරන ප්‍රකාශ වලට දෙමළ සංධානයත් විරුද්ධයි. එම නිසා මෙ ප්‍රශ්නය අවුල් සහගත තත්ත්වයකට ගෙන නොයා යුතුයි.

සාකච්ඡා කළේ : එරික්‌ ගාමිණි ජිනප්‍රිය
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama









MAIN

සම්බන්ධ පුවත්


රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන...


වන්නියේ ජයග්‍රහණය දියවන්නාවේදී පාවා...


බලය බෙදීම ක්‍රියාත්මක වුණොත් කෑලි න...

ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.



0 Comments :





ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .





කිණිහිරය


ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු27 Nov 2016 - 0 comment

-නලින් ද සිල්වා-ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාති...Read More






හීන් සැරය


සිදූ ජනප්‍රිය වුණේ ඇයි ?24 Nov 2016 - 1 comment

-රත්තනදෙණියේ මේධානන්ද හිමි-දෙරණේ සිදු ටෙලි නාට්‍ය සෝරත පොඩි හාමුදුරුවෝ නිසා සෑහෙන්න ජ...Read More





කෙටි සටහන්


මුරලිගේ දුස්රාව...06 Aug 2016 - 0 comment

-පුනර්ජි දඹොරගම-ඒ අපේ ක්‍රිකට් ජ්‍යාත්‍යන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලාන...Read More





මාධ්‍ය ගබඩාව













































ෆෙඩරල් සංහිඳියා නිරුවත සම්මන්ත්‍රණය
ඇල්ලේ ගුණවංශ නාහිමි
"මේ ද්‍රෝහී ව්‍යවස්ථා යෝජනාවලට පක්ෂ උන්ට ගමට එන්න දෙන්න එපා"



ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා
"මේක NGO කාරයන් හදන අමු ජාතිවාදී ව්‍යවස්ථාවක් "



ගෙවිඳු කුමාරතුංග
"විස්වාස කළ නොහැකි තරමේ පාවාදීම - රට බෙදන,රට අවුල් ජාලයක් කරන ව්‍යවස්ථා යෝජනා මෙන්න"




යුතුකම Facebook සමඟ එක්වන්න




අපට ලියන්න..
මෙන්න අපේ ලිපිනය
editor@yuthukama.com



යුතුකම අලුත් ලිපි ඔබ වෙත ගෙන්වා ගන්න. මෙතනින් ඔබේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කරන්න









මෑතකදී වැඩිපුර කියවූ ලිපි


අර්ජුනලාගේ නත්තල් ගස් ජෝගිය සහ හඳගමලාගේ 'පිස්සු ටොයි ලොජික්'
-අශෝක හඳගමගේ ටොයි ලොජික් රුපියල් ලක්ෂ 200ක් වැයකරලා ලෝකේ ලොකුම නත්තල් ගහ මෙහෙ හදන වැඩේට මැල්කම් රංජිත් කාදිනල්තුමා විරුද්ධත්වය පළකළා. එතු...


සෝම හිමිගේ සැබෑ "ඝාතකයෝ" මෙන්න....
ගංගොඩවිල සෝම හිමියන්ගේ 12 වැනි ගුණානුස්මරණය දෙසැම්බර් 12 වනදාට යෙදී තිබේ. 2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස්බර්ග්ස් හිදී ගංගොඩව...


රට විකුණන අසාර්ථක ආර්ථික ගමන නවතමු !!! - ආර්ථික විශේෂඥයන්ගෙන් රතු එලියක්...
රට යන්නේ හරි පාරේද? -ආචාර්ය ලලිතසිරි ගුණරුවන්- රජය අධි වේගයෙන් ධාවනය කිරීම අරඹා ඇති සෙයකි.හම්බන්තොට වරාය විකිණීමට අත ගැසීමත් සමග ඉඩම් හ...


"රට බෙදන ව්‍යවස්ථාව හකුළාගන්න" මල්වත්තට නොපෙනෙන අනතුර ගැටඹ පන්සලට මනාව පෙනේ..
-නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද? කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උත...


පෝය හඳට පිස්සු වැටෙන දෙරණේ නරි
-යොහාන් නාලක විජේනායක- පෝය දවස අනිත් දවස් වලට වඩා වෙනස්ය. පෝය දවසට හඳ පායයි. පෝය දවසට නිවාඩුය. එහෙම නිවාඩු දෙන්නේ රටේ බහුතරය බෞද්ධ නිසාය....


සිටියා නං කැප්පෙටිපොළ - සියතින් ගෙල සිඳ ගනු ඇත
-වෛද්‍ය වසන්ත දේවසිරි අබුද්දස්ස කල ලැබුවම - ලබුත් තිත්ත වෙනවලූ ලොව දේශ ද්‍රෝහියෙක් නොවෙලූ - කැප්පෙටිපොළ මහ නිළමේ නිදහස ලැබුවලූ එතුමා - ...


වස නොබොමු ! - වෛද්‍ය පාදෙනියගෙන් මව්පියන්ට පණිවිඩයක්
-විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ලක් වැසි දරුවන් කෙරෙහී මව්පිය වගකිම් පැවරී ඇති කාටත් ඔලුව ඇතී කියනෙමි කරුණා තැවරී අද දවසේ දරුවන් බොන වතුර ...


වරාය විකිණීම
-නලින් ද සිල්වා- ටික කලකට අර්ජුන රණතුංග නැවතත් ජනමාධ්‍යයේ දැකගන්න පුළුවන්. හම්බන්තොට වරාය චීනයට විකිණීම එක කතාවක්. කොළඹ වරායේ නත්තල් ගහ අ...


"මිස්ටර් ක්ලීන්" වෙස් මුහුණ බිම - මහ බැංකු මහ හොරා අස්වෙනු ! !! ගෙවිඳු කුමාරතුංග [Video]
ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි? කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්ද...


නිසංසල නැති "නිසංසල ගල්මෝල" සහ ඒකීයභාවය පාවාදුන් සිරිසේනලාගේ නව ව්‍යවස්ථාව.[Vedio]
නව ව්‍යවස්ථාවේ ඇති භයානක කම පිළිබදව පසුගියදා මල්වතු නාහිමියන් පෞද්ගලිකව හමුවී සාකච්ඡුා කළ බවත්, එහිදී තමන් වහන්සේ විසින් “නිසංසල නමින් ...




හොරා ඉල්ලා අස් වෙනු සම්මන්ත්‍රණය




ලිපි ගොනුව

2016 (363)
December (20)
ආණ්ඩුව යෝජිත ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාර බලතල කපන...
විස්වාස කළ නොහැකි තරමේ පාවාදීම - රට බෙදන,රට අවුල් ...
රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට...
වන්නියේ ජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන්නට ඔබ ඉඩ ද...
බලය බෙදීම ක්‍රියාත්මක වුණොත් කෑලි නවයකට රට කැඩෙනවා...
රට විකුණන අසාර්ථක ආර්ථික ගමන නවතමු !!! - ආර්ථික වි...
පෝය හඳට පිස්සු වැටෙන දෙරණේ නරි
ව්‍යවස්‌ථා මර උගුලින් රට ගලවාගන්නේ කෙසේද?
අයියෝ වරාය! අයියෝ රට
වරාය විකිණීම
සෝම හිමිගේ සැබෑ "ඝාතකයෝ" මෙන්න....
සිටියා නං කැප්පෙටිපොළ - සියතින් ගෙල සිඳ ගනු ඇත
ETCA මහ අනතුර ගැන රට පිළිගත් වෘත්තිකයන්ගෙන් යළිත් ...
නිසංසල නැති "නිසංසල ගල්මෝල" සහ ඒකීයභාවය පාවාදුන් ස...
අර්ජුනලාගේ නත්තල් ගස් ජෝගිය සහ හඳගමලාගේ 'පිස්සු ටො...
සිංහල ජාතික සංවිධාන වල පැසසිය යුතු නව ප්‍රවේශය
"රට බෙදන ව්‍යවස්ථාව හකුළාගන්න" මල්වත්තට නොපෙනෙන අ...
යෝජිත ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන අනතුර මහින්ද...
ට්‍රම්ප්ගේ ජාතිකවාදයෙන් ලෝකයට අත්විය හැකි සුගතියක්...
"මිස්ටර් ක්ලීන්" වෙස් මුහුණ බිම - මහ බැංකු මහ හොරා...
November (29)
October (18)
September (20)
August (30)
July (37)
June (28)
May (27)
April (25)
March (43)
February (38)
January (48)
2015 (662)
2014 (117)
2013 (32)
2012 (1)






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6494812348391527065

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item