විභාග අසමත් වූවන්ටත් ගුවන් සේවා අධිකාරියේ තනතුරු

සිවිල් ගුවන් සේවා අධිකාරියේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ තනතුර සඳහා සුදුසුම් සහිත පුද්ගලයෙකු එම අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අවශ්‍යතාවය අන...

සිවිල් ගුවන් සේවා අධිකාරියේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ තනතුර සඳහා සුදුසුම් සහිත පුද්ගලයෙකු එම අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අවශ්‍යතාවය අනුව බඳවාගෙන ඇති බව වාර්තා වේ. අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ පෞද්ගලික හිතවත්කම් මත එම ධූරයට පත්කර ඇති පුද්ගලයා පැවති කඩඉම් විභාගයෙන් ද අසමත් වූවෙකු බවයි සඳහන් වන්නේ.
 
අවසන් දස දෙනා අතර තෝරාගත් අයදුම්කරුවන්ගෙන් නව දෙනෙකුම විභාගය අසමත් වී තිබේ. විභාගය සමත්ව සියලු සුදුසුකම් සපුරා ඇති පුද්ගලයා වෙනුවට බඳවාගෙන ඇත්තේ විභාගයෙන් අසමත් වූ ඩී.බී. ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකි.

මෙම තනතුර සඳහා සුදුසුකම් සහිත පහළ නිළධාරීන් සිටියදී ඔවුන් සිය සුදුසුකම් සම්පූර්ණ කර තිබියදී සුදුසුකම් රහිත, අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ හිතවත්කම් මත ඉහළ තනතුරු ලබාදීම පිළිබඳ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවකයන් සිය නොසතුට ප්‍රකාශ කරයි. මෙවැනි පුද්ගලයන් තනතුරුවලට පත් කරන්නේ සෘජු හා අවංක නිළධාරීන් සිටීම ඉහළ පරිපාලනයේ අවිධිමත් කටයුතුවලට බාධාවක් නිසා බව පෙන්වා දෙන සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවකයන් පවසන්නේ මෙවැනි නිවට පිරිසක් තනතුරුවලට පත්කර ගැනීම නිසා ඉහළ නිළධාරීන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ව පාලනය කළහැකි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2321286064341513886

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item