පරිසර නිලධාරීන් රාජකාරීවලින් ඉවත් වෙයි

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් නොවිසඳුණු ගැටලු 7කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද(19දා) සිට දින පහක් පරිසර නිලධාරීන් ස...

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් නොවිසඳුණු ගැටලු 7කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද(19දා) සිට දින පහක් පරිසර නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්ව ඇතැයි ප්‍රාදේශීය පරිසර නිලධාරින්ගේ සංගමයේ සභාපති අසංග ධර්මදාස පවසයි.

වැටුප් විෂමතාවය නිරාකරණය කරගැනීම, ආහාර දීමනාව ගෙවීම නතර කිරීම, වෛද්‍ය ප්‍රසාද දීමනාව නොගෙවීමට තීරණය කිරීම ඇතුළු කාරණා මෙම ගැටලු අතර වේ.

තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට කටයුතු කරන බව ඔවුන් කියා සිටියි.

මෙම ගැටලු අතරින් එක් ගැටලුවක් වසර 10ක් පැරණි බවත් මේ දක්වා ගෙවන ලද දීමනා 3ක් කපා හැර ඇති බවත් ඒ අනුව දෙසැම්බර් 19 සිට 23 දක්වා සියලු දෙනා ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බවත් ධර්මදාස පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7275128151284884965

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item