අම්බලන්ගොඩ එකම පවුලේ තිදෙනාගේ මරණ පරීක්ෂණයේදී හෙළි වූ දේ
අම්බලන්ගොඩ මාදම්පාගම - ඉඩම්තොට ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබු එකම පවුලේ තිදෙනාගේ මරණයට හේතුව මොලයට, හිස්කබලට සහ සිරුරේ අනිකුත් අවයවවල...

http://www.sathhanda.com/2016/12/blog-post_91.html

මෙලෙස ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ බිරිදගේ හා සිව් හැවිරිදි කුඩා පුතුගේ මෘත දේහයන් පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද (07) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය.
ඝාතනයට ලක්වූ තිදෙනාගේම සිරුරුවලට වෙඩි උණ්ඩ 20ක් පමණ වැදි ඇති බවත් ඉන් කුඩා දරුවාගේ හිසට හා උදරයට වෙඩි උණ්ඩ 04ක් පමණ ද ව්‍යාපාරිකයාගේ සිරුරට වෙඩි උණ්ඩ 10ක් පමණ ද ඔහුගේ බිරිඳගේ සිරුරට වෙඩි උණ්ඩ 05ක් පමණ ද වැදී ඇති බව එහිදී අනාවරණය වී ඇත.
තුවක්කුකරුවන් මුලින්ම මේ අයගේ හිසට වෙඩි තබා ඇති අතර පසුව සිරුරේ අනිකුත් ඉන්ද්‍රියන්වලට වෙඩි තබා ඇත.
ඊට ටි56 ගිණි අවියකින් හා මිලිමිටර් 09 වර්ගයේ පිස්තොලයක් යොදගෙන ඇති බව පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ තිදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඉෂාණි ප්‍රනාන්දු විසින් සිදුකරනු ලැබීය.
ගාල්ල - ලලිත් චාමින්ද
Related