යහපාලන සහලින් ස්වයංපෝෂිත වීමේ හෙළුව - සහල් මෙට්‍රික්ටොන් දස දහසක් ගේනවා

දිවයිනේ පවතින සහල් හිඟය මඟහැරවීම සඳහා සහල් මෙට්‍රික්ටොන් දස දහසක් පමණ ගෙන්වීමට පියවර ගන්නා බව ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් ප...

දිවයිනේ පවතින සහල් හිඟය මඟහැරවීම සඳහා සහල් මෙට්‍රික්ටොන් දස දහසක් පමණ ගෙන්වීමට පියවර ගන්නා බව ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් වෙළෙඳුන් සහල් සගවා සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය අංශයේ වෙළෙඳ සැල්වල සහල් මිළ ගණන් රුපියල් 10ත් 15ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම විවෘත වෙළෙඳපොළේ පුද්ගලික වෙළෙඳසැල්වල ද සහල් මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

එළඹෙන නත්තල් සමයේදී පාරිභෝගිකයින් වැඩි වශයෙන් සහල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බැවින් රජය මැදිහත් නොවුනහොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගිකයින් පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 635994198224346966

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item