අගමැතිට කතා කළ බව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා

සිය ගුවන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවේ දී ආරක්ෂාව ඉල්ලා සිටීම සඳහා තමා අගමැතිවරයාට කතා කළ බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව ජ...

සිය ගුවන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවේ දී ආරක්ෂාව ඉල්ලා සිටීම සඳහා තමා අගමැතිවරයාට කතා කළ බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

අද (දෙසැ 08) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.

වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ පොලිස් රාජ්‍යක් බව පැවසූ විරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගැනීමක් වැළැක්වීමට පොලිස්පතිවරයාට ඇමතිවරයෙක් ලබා දුන් දුරකථන ඇමතුම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි බවය.

පසුගිය රජය යටතේ පොලිසියට මෙවන් බලපෑම් එල්ල වූයේ නැද්දැයි විමසූවිට හිටපු අමාත්‍යවරයා අභියෝග කළේ පසුගිය රජය එලෙස බළපෑක් සිදුකළ අවස්ථාවක් නම් කරන ලෙසය.

පසුගිය ආණ්ඩුව සමයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී විමල් විරවංශ හිටපු ඇමතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා දුරකථනයෙන් අමතනු ලැබීම, පොලිසියට බළපෑම් එල්ල කෙරුණු අවස්ථාවක් නොවේදැයි මන්ත්‍රීවරයාට ප්‍රශ්නයක් යොමු විය.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එහිදී සිදුවූයේ පොලිසිය කලහකාරී ලෙස හැසිරීම වළක්වා ගැනීමක් පමණක් බවය.

ගැටුමක් ඇතිවීම වැළක්වීමට තමන් එවකට ආරක්ෂක ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාදුන්නා විනා නීතියට ඉහළින් යාමක් එමගින් සිදු නොවූ බව ද විරවංශ මන්ත්‍රීවරයා පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8290310143809133478

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item