ගෝඨාභය රටේ නායකත්වයට පත්වන බවට අනාවැකියක්

ජපානයේ අභිමානවත් සභාවකදී තුන්හිටියාවේ ධම්මාලෝක හිමිගෙන් ගෝඨාභය රටේ නායකත්වයට පත්වන බවට අනාවැකියක් මෙසේ පල කළේය  " ඔබතුමා අපේ ආරා...

ජපානයේ අභිමානවත් සභාවකදී තුන්හිටියාවේ ධම්මාලෝක හිමිගෙන් ගෝඨාභය රටේ නායකත්වයට පත්වන බවට අනාවැකියක් මෙසේ පල කළේය 

" ඔබතුමා අපේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගි වන්නේ ජාතිය රකින ආගම, රකින, සිංහලයින්ගේ සිංහලකම රැක ගන්නට උර දෙන අප හැම ගරු කරන බෞද්ධ නායකයෙකු ලෙසයි. අද ඔබ තුමා සාමාන්‍ය කෙනෙකු ලෙස මෙහි පැමිණ, තව වසර සිය දහස් ගුණයක් ලෝක බෞද්ධයන්ට වදින්න පුදන්න මේ සමාධි පිළිමය නිරාවරණය කලා. මුළු මහත් ජාතියම ගරු කරන, නායකත්වයට පත්වෙන තුරු රටම බලා සිටින ඔබතුමාගෙන්, මේ මහා අභිමානවත් සභාවේදී රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කිරීමට අප කැමතියි. ඔබතුමා කවදා හෝ "අපේ නායකයා" වෙනවාමයි. එසේ අපේ ජනපති වූ පසු ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ශ්‍රී ලංකා රජයෙන් ජපන් රජයට පරිත්‍යාග කරන්න. ඔබ තුමා ජනාධිපතිවරයා හැටියට ශ්‍රී ලංකා රජයෙන් රැගෙන ඇවිත් මෙහි රෝපණය කරන්න. අපි බාරකාරත්වය රැගෙන ඒ ශ්‍රී බෝධිය රැකගන්නම්" යැයි උන්වහන්සේ ප්‍රකාශ කලහ.

තුන්හිටියාවේ ධම්මාලෝක හිමි මෙසේ ප්‍රකාශකලේ ජපානයේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සව සභාව අමතමිනි.


-Viyathmaga



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3889113470091829235

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item