ජර්මානු ට්‍රක් ප්‍රහාරය IS බාර ගනී - ප්‍රහාරකයා නිදැල්ලේ

ජර්මනියේ, බර්ලීන් නගරයේ නත්තල් සැණකෙළියක සිදුවූ ට්‍රක් රථ ප්‍රහාරයේ සැකකරු සොයා යුරෝපයේ ෂෙන්ගන් රාජ්‍යයන් තුළ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් අර...

ජර්මනියේ, බර්ලීන් නගරයේ නත්තල් සැණකෙළියක සිදුවූ ට්‍රක් රථ ප්‍රහාරයේ සැකකරු සොයා යුරෝපයේ ෂෙන්ගන් රාජ්‍යයන් තුළ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරකයා 1992 වසරේදී උපන් අනීස් ඒ නැමති ටියුනීසියානු ජාතිකයෙකු බව මේ වනවිට අනාවරණය වී තිබේ. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් හදිසි පියවර ගැනීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සිය ආරක්ෂක මණ්ඩලයද කැඳවා තිබුණි.

එමෙන්ම, මෙම ප්‍රහාරකයා අවස්ථා තුනකදී ජර්මානු බලධාරීන් විසින් ත්‍රස්ත සැකකරෙුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන යළි මුදාහැර ඇති පුද්ගලයෙකු බවද පැවසෙන අතර, දැන් ඔහු වෙනුවෙන් යුරෝ 100,000ක ත්‍යාගයක් ලබාදෙන බවද එරට ආරක්ෂක අංශ පවසන බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරය සඳහා ට්‍රක් රථය පැහැර ගැනීමේදී එහි රියදුරු මරාදැමීම සඳහා සිදුකළ පොරබැදීමකදී ඔහුද තුවාල ලබා ඇති බවද විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත්, පසුව ඔහු නත්තල් සැණකෙළි වීදියක දියත් කළ ට්‍රක් රථ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

ජර්මානු ආරක්ෂක අංශ සිදුකරන පරීක්ෂණයන්ට අනුව 2012 වසරේදී මුලින්ම ඉතාලියට පැමිණ ඇති මෙම ටියුනීසියානු ජාතිකයා, 2015 වසරේදී ජර්මනියට පැමිණ තිබුණේ සරණාගතභාවය ලබාගැනීමට අයදුම් කරමිනි. නමුත්, ඔහුට ලැබී තිබී ඇත්තේ තාවකාලික බලපත්‍රයක් පමණි.

මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය දියත්වී දිනක් ගෙවී යද්දී එය තම හුදෙකලා ත්‍රස්තයෙකු විසින් සිදුකළ බව පවසමින් එම ප්‍රහාරයේ වගකීම බාරගැනීමට IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් කටයුතු කර ඇති අතර, ඔවුන් මුල සිටම උත්සව සමයේදී මෙවැනි ප්‍රහාර පිළිබඳව සිය කෘරත්වය ප්‍රදර්ශනය කිරීමක් සිදුකර තිබුණි.

ජර්මනියේදී සිදුවූ මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයත් සමග මේ වනවිට නත්තල් සැණකෙළියට සැරසෙන යුරෝපය පුරා ආරක්ෂාව තර කිරීමට එම රටවල් කටයුතු කර තිබේ. විශේෂයෙන්ම බුද්ධි අංශ හා සිවිල් ආරක්ෂක අංශ වැඩි වශයෙන් යොදවා ඇති බවද දැනගන්නට ලැබේ.

මේ අතර, මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සමග පණිවුඩයක් නිකුත් කර තිබුණු ඇමෙරිකාවේ තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබුණේ, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවයි.

ada.lk



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7419295382469267200

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item