ගුවන් ගතවීමට යාමේදී යානයක් ගුවන් පථයෙන් ලිස්සා යයි (PHOTOS)

මගීන් 161 දෙනෙකු රැගෙන ගෝවා හී ඩබ්ලිම් ගුවන් තොටුපලෙන් මුම්බායි වෙත ගුවන් ගත වීමට සැරසුනු ජෙට් එයාවේස් සමගමට අයත් බොයිං 777 වර්ගයට අයත් ගුව...

මගීන් 161 දෙනෙකු රැගෙන ගෝවා හී ඩබ්ලිම් ගුවන් තොටුපලෙන් මුම්බායි වෙත ගුවන් ගත වීමට සැරසුනු ජෙට් එයාවේස් සමගමට අයත් බොයිං 777 වර්ගයට අයත් ගුවන් යානයක් අනතුරකට මුහුණ දී තිබෙනවා.

අද පෙරවරුවේ සිදුව ඇති මෙම අනතුර ගුවන් යානය ගුවන් පථයේදී ලිස්සා යෑම හේතුවෙන් ඇති වූවක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. අනතුරෙන් යානයේ බඳ කොටස පොලවට පතිත වී ඇතිල්ලී ගොස් ඇති බවත් සඳහන්.

ඒ හේතුවෙන් යානයේ සිටි මගීන් ඉවත් කර ගැනීමට ගුවන් යානයේ හදිසි දොරටුව භාවිතා කර තිබෙනවා.

මගීන්ට බරපතල තුවාල නැතත් සුළු තුවාල සහ කම්පන තත්ත්වයන් ඇති වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5119856409609057898

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item