පන්සලකට ප්‍රහාරයක් (PHOTOS)

කැකිරාව මාමිණියාව පුරාණ රජමහ විහාරස්ථානයට එල්ල වූ මැර ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු ප...

කැකිරාව මාමිණියාව පුරාණ රජමහ විහාරස්ථානයට එල්ල වූ මැර ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉකුත් දෙවැනි දා රාත‍්‍රියේ හෝ ඊයේ (03) අලුයම විහාරස්ථානයට කඩා වැදුණු පිරිසක් බුද්ධ ප‍්‍රතිමාවක් ඇතුළු විහාරස්ථානයේ පූජා ස්ථාන රැසකට අලාභ හානි සිදු කර ඇති බවයි.

ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ විහාරාධිපති හිමියන් හෝ කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ රැඳී සිට නැහැ.

විහාරස්ථානයට පැමිණි මැර පිරිස බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමකට පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා.

එමෙන්ම විහාරස්ථානයේ ජල මීටරයට සහ විදුලූ බුබුළුවලට ද ඔවුන් හානි කර ඇති බවයි විහාරවාසී පූජ්‍ය වල්පොල රතනජෝති හිමියන් පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක පුෂ්ප කුමාරගේ උපදෙස් පරිදි පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item