“එයාට මගේ ළඟට දුවගෙන එන්න වෙනවා” – මංගලගේ කතාවට ගෝඨාගේ වාචික පිළිතුර (VIDEO)
තම පුතු රජයේ මුදලින් අමරිකාවේ නිවසක ජීවත් වූ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රා...
http://www.sathhanda.com/2016/12/video.html
තම පුතු රජයේ මුදලින් අමරිකාවේ නිවසක ජීවත් වූ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ගෝඨාභය රාජපක්ෂගේ පුතු රජයේ මුදලින් අමරිකාවේ නිවසක ජීවත් වූ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ “මම මොකටද කුලියට ගෙයක් ගන්නෙ.. ඒ ගොල්ලො කියනවා නේ මම හොරකම් කළා කියලා.. ඉතින් මට ගෙයක් අරං දෙන්න තිබ්බනේ.. මේවා පහත් දේශපාලනය. ලංකා ඉතිහාසයේ හිටපු දුර්වලම විදේශ ඇමති එයා. මොනවා කරත් අන්තිමට මගේ ළඟට දුවගෙන එන්න වෙනවා. ඊට කළිනුත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බැඳෙන්න කියලා දුවගෙන ඇවිත් කිවුවේ මට. ඉස්සරහටත් එන්න වෙයි.” යනුවෙනි.
එම වීඩියෝව පහතින් දැක්වෙයි.
Related