පාඨලී කෝටි 100ක වන්දි ඉල්ලයි
දූෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් වන්දියක් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක කොළඹ දිසා අධිකරණ...
http://www.sathhanda.com/2017/01/100.html
දූෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් වන්දියක් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
වසන්ත සමරසිංහ විසින් පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයකට අදාළව මෙම නඩුව ගොනුකර ඇති බව සඳහන් වේ.
ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධ බවට වසන්ත සමරසිංහ පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබූ බව වාර්තා වේ.
එම ප්‍රකාශය තුළින් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුවූ බව පවසමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලමින් මෙම නඩුව පවරා ඇති බව සඳහන් වේ.
Related