සිගරට්‌ බදු වැඩි කිරීමෙන් කෝටි 1300 ක පාඩුවක්!

සිගරට්‌ මත බදුපැනවීම නිසා රජයට 2016 වසරේ ලැබිය හැකිව තිබූ රුපියල් කෝටි 1300 ක ආදායමක්‌ අහිමිව ගොස්‌ ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි. ප...

සිගරට්‌ මත බදුපැනවීම නිසා රජයට 2016 වසරේ ලැබිය හැකිව තිබූ රුපියල් කෝටි 1300 ක ආදායමක්‌ අහිමිව ගොස්‌ ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.

පසුගිය වසරේ (2016) ඔක්‌තෝබර් හා නොවැම්බර් මාසවලදී සිගරට්‌ මත පැනවූ නිෂ්පාදන බදු සහ වැට්‌ බදු නිසා සිගරට්‌ මිල සියයට හතළිස්‌ තුනකින් (43%) ඉහළ යැමෙන් මෙම තත්ත්වය උදා වී ඇතැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරී කළමනාකාර අධ්‍යක්‍ෂ මයිකල් කෝස්‌ට්‌ මහතා කියා සිටී.

2016 වසරේ ප්‍රථම මාස 09 තුළ දුම්කොළ සමාගම රජයට බදු වශයෙන් රුපියල් බිලියන 73 ක්‌ ගෙවා ඇති බවත්, ඒ අනුව ගිය වසරේ අවසන් මාස තුන තුළ රුපියල් බිලියන 27 ක පමණ බදු ආදායමක්‌ රජයට ලබා ගැනීමට හැකිව තිබූ බවත් එය සිගරට්‌ මත බදු වැඩි කිරීම නිසා රුපියල් බිලියන 13 දක්‌වා අඩු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

රජය සිගරට්‌ මත බදු පැනවීමෙන් දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සහ සිගරට්‌වලින් ලබන බදු ආදායම වැඩි කර ගැනීමට අපේක්‍ෂා කළ ද එය සාර්ථක වී නැතැයි ඒ මහතා කියා සිටී.

මේ වනවිට සිගරට්‌ වෙනුවට බීඩි හෝ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ සිගරට්‌ කෙරෙහි ජනතාව යොමු වෙමින් සිටින නිසා එම තත්ත්වය උදා වී ඇතැයි ද ඔහු කීය.

මේ වන විට සිය නිෂ්පාදන අලෙවිය සියයට හතළිස්‌ පහකින් (45%) පමණ පහළ යැම නිසා කොළඹ පිහිටි කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්‌ඩලය සියයට විස්‌සකින් අඩු කිරීමටත්, දුම්කොළ ගුදම් 4 ක්‌ වසා දැමීමටත් කටයුතු කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4053886586128497360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item