2020 වන තෙක් වෙනසකට ජනපති සූදානම් නෑ - ඊයේ මැදියම් වන තුරු පැවති සාකච්චා ඵල රහිත වේ

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතින් හමුවීමක් එජනි සන්ධාන ලේකම් මහින්ද අමරවීරගේ කොළඹ නිවසේදි පෙරේදා රාත‍්‍රියේ පැවැත් වූ අතර ඊට පක්‍ෂ නායක...

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතින් හමුවීමක් එජනි සන්ධාන ලේකම් මහින්ද අමරවීරගේ කොළඹ නිවසේදි පෙරේදා රාත‍්‍රියේ පැවැත් වූ අතර ඊට පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද සහභාගි විය.

මෙම සුහද හමුව සහ සාකච්ඡාවට සහභාගි වු මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය තුල අපේක්ෂා කලේ රටේ වර්තමාන තත්වය සහ රටේ නැගි එන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ කාර්යය භාරය මෙන්ම ඉදිරියේදී රට හමුවේ පැන නගින අභියෝග ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයාගේ සැලැස්ම සම්බන්දයෙන් සාකච්චා කිරීමයි.

එහෙත් ජනාධිපතිවරයා සාමාන්‍ය පරිදි දේශපාලන කතාවක යෙදී ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර ද මැති ඇමතිවරුන් ගේ ප්‍රශ්නවල උත්තර දෙමින් පවසා ඇත්තේ රටේ මිනිස්සු කොච්චර බැන්නත් අන්තිමට ප්‍රධාන පක්ෂ දෙකට හැර සෙසු කුඩා පක්ෂවලට ඡන්දය නොදෙන බවය.

රාත්‍රි භෝජනය සංග්‍රහය සමග සුහද හමුව සුපුරුදු පරිදි අවසන් වුවත් මැති ඇමතිවරුන් ගේ ප්‍රශ්ණවලට නිසි පිලිතුරැ ජනාධිපතිවරයාගෙන් නොලැබුණේ යයිද වාර්තා වෙයි. හමුව අවසන් වූ පසු එහි ගිය බොහෝ දෙනෙකුගෙන් කිය වුනේ කිසිදිනෙක ජනාධිපතිවරයා 2020 දක්වා මේ පාලන ක්‍රමය වෙනස් නොකරන බවය.

එයට ප්‍රධාන හේතුව රනිල් වික්‍රමසිංහ සමඟ මොන අර්බුද 2015 ජනාධිපතිවරණයේ දි පොරොන්දු වූ පරිදි නව ව්‍යායවස්ථාවක් ගෙන ඒම මූලික කරුණක් වන බැවින් බව එය ඉටු කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග රනිල් වික්‍රමසිංහ හරහා කර ගැනිමට පහසු බවකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5486787946973707378

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item