ගල්අඟුරු දූෂණයේ ඇත්ත හෙලිවේ - පසුගිය රජයට එල්ල වූ චෝදනා විගණන වාර්තාවෙන් පුස්සක් වේ

පසුගිය ආණ්ඩුව සමයේ මහාපරිමාණ ගල්අගුරු වංචාවක් සිදුවු බවත් යහපාලන රජය යටතේ වඩාත් විනිවිදභාවයෙන් ගල්අගුරු මිලදීගැනීම සිදුකරන බවත් ජනතාවට පො...

පසුගිය ආණ්ඩුව සමයේ මහාපරිමාණ ගල්අගුරු වංචාවක් සිදුවු බවත් යහපාලන රජය යටතේ වඩාත් විනිවිදභාවයෙන් ගල්අගුරු මිලදීගැනීම සිදුකරන බවත් ජනතාවට පොරොන්දු වුවද පොරොන්දු දී වසර දෙකක් ගතවනවිට සිදුකරන ලද වංචාවේ තරම හෙලිවී ඇත. මෙය දෙවැනි වන්නේ මහබැංකු බැදුම්කර වංචාවට පමණකි.

වත්මන් රජය යටතේ ගල්අගුරු වංචාවක් සිදුවු බවට සිදුවු සිදුකෙරුනු කතාබහ විවිධ දිශාවන්ට දෝලනය වූ අතර මෙම වංචාව පිටුපස ප්‍රසම්පාදන මණ්ඩලය සිටින බව ඇතැමකු චෝදනා කහ.ආණ්ඩුවේ එජාප කණ්ඩායම සදහන් කර සිටියේ රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්කරු වු නොබෙල් රිසෝසස් හි ආනුභාවයෙන් වැජඹෙන පිරිසක් නැති වංචාවක් පිළිබද කතාකරන බවකි.විනිවිදභාවයෙන් ගල්අගුරු මිලදීගන්නා බවකි. ගල්අගුරු මිලදීගැනීමේදී පාඩුවක් සිදුව නැති බව පවසමින් විද්වත් වාර්තාවක් ද මොවුන් විසින් සකස්කරවාගන්නා ලද නමුත් විගණන වාර්ථාව පිටවීමෙන් පසුව විද්වත් වාර්තාව කුණුකූඩයට දැමීමට සිදුව ඇත. මන්දයත් එම විද්වත් වාර්තාව ආණ්ඩුවේ උවමනාව මත විදිමත්ව ලේඛන හා තොරතුරු පරිශීලනය කර සකසන ලද්දක් නොවීමත් විගණණ වාර්තාව සෑම තොරතුරක්ම පරීක්ෂා කර සකසන ලද්දක් වීමත් නිසාය.

2016-12-30 වන දින විගණකාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විදුලිබල හා බලශක්ති ආංශික අධීක්ෂන කාරක සභාව වෙත නිකුත් කල පිටු 1431 කින් ඇමුණුම් සහිත වාර්ථාව ආන්ඩුවට සුදුහුනු ගෑ කණ්ඩායමට කදිම පිළිතුරක් ලබාදී ඇත.

මේ වාර්ථාව අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිදුකෙරුණු බව කියු මහාපරිමාණ ගල් අගුරු වංචාව අමුලීක බොරුවක් බව මෙම වාර්තාවෙන් පසක් වී ඇත. එම යුගයේ සිදුවු ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු කිහිපයක් පමණක් එම වාර්තාව තුළ පෙන්වාදී ඇත.

තවද වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන ලද ගල්අගුරු ගෙන්වීමේ ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන මණ්ඩලය,තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ගල් අගුරු සමාගම යන ආයතන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ කඩකර ඇති ආකාරයද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

තවදුරටත් කරුණු පෙන්වාදෙන මෙම වාර්තාව 2015 ට පසුව සිදුකරන ලද ටෙන්ඩරයේදී රුපියල් මිලියන 4,145.43 ක හෙවත් රුපියල් බිලියන 4.1 ක ඇස්තමේන්තුගත අලාභය/අමතර වියදම/ආදායම අහිමිවීම සදහා වගකිවයුතු නිළධාරීන් හදුනාගතයුතුබවත්, ඉදිරියේදී එවන් තත්වයක් ඇති නොවන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කලයුතු බවත් නිගමනය කර ඇත.

විදුලිබල අමාත්‍යංශයත්, ලංකාවිදුලිබල මණ්ඩලයත්, ගල් අගුරු සමාගමත්, නැව් සංස්ථාවත්, මෙම මිලදී ගැනීම සදහා පත්කල ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික ඇගයීම් කමිටුවත් නිසි වෘත්තිමය පරීක්ෂාවකින් කටයුතු කර නොමැති බව තහවුරු නොවන බව ද නිගමනය කර ඇත.

තවද තම විෂය සීමාවෙන් ඔබ්බට විගණකාධිපතිට නිගමනය කල නොහැකි මට්ටමේ නීතීවිරෝධි හෝ සාපරාධි කටයුතු සිදුවී ඇත්දැයි පරීක්ෂාවට ලක් නොකල බවත්, එවැනි පරීක්ෂාවක් අවශ්‍යවන්නේයැයි හැගීයන්නේනම් ඒ සදහා විහේසිත ආයතනයන්ගේ සහාය ලබාගන්නා ලෙසත් එම වාර්ථාවේ දැක්වෙයි.

පසුගිය කාලය තුළ ඇතැම් විදුලිබල ක්සේත්‍රෙය් විශේෂඥයන් යැයි කියාගන්නා පිරිස් ගල්අගුරු දහනයෙන් විදුලිය නිපදවීම සිදුනොකලයුතු බව සදහන් කලද විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බැවින් පරිසරයට සිදුවන හානිය අවම වන ලෙස සම්මත ක්‍රමවේද යොදාගනිමින් තවදුරටත් ගල්අගුරු මගින් විදුලිය නිපදවීමේ ආර්ථික වාසිය ලබාගැනීම පිළිබද අවධාරණය කර ඇත.

තවද ගල් අගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය පිළිබද කරන ලද විගනනයේදී තාප ඉන්ධන කිලෝ වොට් පැයකට රු.21.44 ක් වැයවන බවත්, ගල්අගුරු බලාගාරයේ නිපදවන කිලෝවොට් පැයකට වැයවන සෘජු පිරිවැය රු.5.23 ක් බවත් පෙන්වාදී ඇත.

තවදුරටත් දැක්වෙන්නේ බලාගාරය මගින් උපයා ඇති සමස්ථ ආදායම ඇ.ඩො. මිලියන 1823 ක් බවයි. බලාගාරය ඉදිකිරීම සදහා ඇ.ඩො. මිලියන 1346 ක් වියදම් ව ඇති බවත්, 2016-10-31 ට මුළු වියදම ඉක්මවු ආදායම ඇ.ඩො. මිලියන 477 ක් බව ද දක්වා ඇත.

වත්මන් රජයේ මේ දිනවල සමාජයේ දැඩිලෙස කතාබහට ලක්වන එජාපයේ ඉහළම තනතුරක් දරණ අගමැතිවරයාට වඩාත් සමීප ප්‍රබල ඇමතිවරයකු විසින් පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂකයන් වෙත මැතිවරණ වියදම් සදහා ලක්ෂ ගනණින් මුදල් ලබාදීමත් මෙම ගල්අගුරු ටෙන්ඩරය රුපියල් බිලියන 4.1 ක පාඩුවක් සිදුකෙරුණු සමාගමට පිරිනැමීමත් අතර සමීප සම්බන්ධතාවයක් පවතින බව විදුලිබල අමාත්‍යංශ අභයන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

තවද මෙම ප්‍රසම්පාදන මන්ඩලයේ කටයුතු කල ලේකම්වරයකු වෙත වත්මන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විශ්‍රාම යාමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්ධුරය පිරිනමන බවට පොරොන්දුවක් ලබාදී මෙම නීතීවිරෝධි කටයුත්තට ඔහු පොළඹවා ඇති බව එම ආරංචිමාර්ග සදහන් කරයි.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී සිදුකල විරෝධතාවයකදී සරසවි සිසුන්ට පොලිසිය විසින් පහරදීමක් සිදුකෙරුනු අවස්ථාවේදී එම කාරණය සෙවීම සදහා අගමැතිවරයා විසින් මෙම අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කරන ලද්දේ එකී විහ්වාසය තහවුරු කිරීම සදහා බවද එම අභයන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විගණන වාර්ථාව සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා දැඩිලෙස කලබලවී ඇති බව ද විදුලිබල අමාත්‍යංශයේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම ගල්අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩිවශයෙන්ම මාධ්‍යතුළත් ඉන් එපිටත් පෙනී සිටියේ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා සහ පාර්ලිමේන්තුවේ කුරුණැගල දිස්ත්‍රික් පසුපෙළ මන්ත්‍රී නලීන් බණ්ඩාර යන අයයි. මොවුන් දිගින් දිගටම කියා සිටියේ මෙම ගල්අගුරු ගනුදෙනුවෙන් රටට විශාල ලාභයක් සිදුවු බවය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආන්ඩුවේ පිරිස් මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් මුනිවත ආරක්ෂාකරගෙන කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා නිදහස් පක්සයේ අමාත්‍යවරයකුගේ අමාතයංශයක කාරනාවක් සම්බන්ධව එජාපයේ මන්ත්‍රීවරු පෙනිසිටි වෙනත් එකම හෝ අවස්තාවක් දක්නට නොමැතිව මෙම අමාත්‍යංශයේ ගල් අගුරු ටෙන්ඩරය සම්බන්දයෙන් පමණක් පෙනීසිටිමෙන් මෙම වංචාව යටගැසීම සදහා ගනුලබන උත්සාහයක් බව පැහැදිලිය.

වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටින සිවිල් සංවිදාන නඩයේ ආචාර්ය මහාචාර්යවරුන් කණ්ඩායම මෙම වංචාව සම්බන්ධයෙන් ද අනුගමනය කරනුයේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියම බව දක්වන්නා වූ නිහඩතාවයෙන් පෙනීයයි.

– එන්.ඩී.අඹේපිටිය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 369247186356795207

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item