ඇවන්ගාඩ්ට මිලියන 840ක් ගෙවන්නැයි රක්නා ලංකාට නියෝගයක්

අන්තර් ජාතික නීතියට අනුකූලව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට රුපියල් මිලියන 840ක වන්දි මුදලක් ගෙවන ලෙස සිංගප්පූරු සියැක් (SIAC) බේරුම්කරණ අධිකරණ...

අන්තර් ජාතික නීතියට අනුකූලව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට රුපියල් මිලියන 840ක වන්දි මුදලක් ගෙවන ලෙස සිංගප්පූරු සියැක් (SIAC) බේරුම්කරණ අධිකරණය රක්නා ලංකා ආරක්ෂක සංගමයට නියෝග කර තිබේ.

නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් කඩා කප්පල් කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම විසින් රක්නා ලංකා ආරක්ෂක සංගමයට එරෙහිව ජත්‍යන්තර නීතිය යටතේ මෙම නඩුව පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කියා සිටියේ සිය සමාගම නිත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් නීතයානුකූල නොවන ආකාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 2300 ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිවද නඩු පවරා තිබෙන බවයි.

කෙසේවුවද, මෙසේ ලැබෙන වන්දි මුදල් බැංකු ගිනුමක තැන්පත් කර නීත්‍යානුකූල නොවන පවරා ගැනීම හේතුවෙන් රැකියා අහිමිවූ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සේවකයින්ට මාසිකව දීමනාවක් ලෙස ගෙවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4837587405850988029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item