පාලිත මහීපාල සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල එම ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් විශේ්ෂ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල එම ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් විශේ්ෂ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙි දී පැවැත්විනි.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලබන ජනවාරි 02 සිට ලෝක සෞඛ්‍ය සංවිධානය් දකුණු සහ අග්නිදිග ආසියානු රටවල බෝනොවන රෝග, පෝෂණය සහ පාරිසරික සෞඛ්‍ය පිළිබද ජාත්‍යන්තර සමිබන්ධිකාරක ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය. ඊයේ පැවති උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීමි, සෞඛ්‍ය ලේකමි අනුර ජයවික්‍රම ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහ සේවකයින් ද එක්ව සිටියහ.

“වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශය තුල විශිෂ්ට සේවාවක් ඉටු කළා. ඔහු ආරමිභ කළ වැඩසටහන් ලෝක සෞඛ්‍ය සංවිධානය තුල සිටියත් මාතෘ භුමිය වෙනුවෙන් ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සේවාව තුල තවදුරටත් වෛද්‍ය පාලිත මහීපාල මහතාට කටයුතු කිරිමට හැකියාව තිබුනා. ගතින් වෙන් වුනත් සිතින් වෙන් නොවන්නේ සෞඛ්‍ය සේවාවට තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය තුලින් කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබෙන නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කිර්තිමත් වැඩ කොටසක් ඉටු කළ වෛද්‍ය පාලිත මහීපාල මහතාට තම ඉළක්ක ජයගැනිමට ලෝක සෞඛ්‍ය සංවිධානය තුල දී ද හැකියාව ලැබෙනු ඇතැයි මම ප්‍රර්ථනා කරනවා. යළි ශ්‍රි ලංකාවට පැමිණ සෞඛ්‍ය සේවාව සමග ඒකාබද්ධව අපත් සමග සේවය කිරිමට වෛද්‍ය පාලිත මහීපාල මහතාට දොරගුලු විවෘත බව ද මම මෙහිදී ප්‍රකාශ කරනවා.”

මීට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සමුදීම වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ සහ තවත් සෞඛ්‍ය ආයතන කිහිපයක පසුගියදා උත්සව පැවැත්විනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8205976365616122256

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item