විවේචනාත්මක කරුණුවලදී ‍පොලීසිය විධිමත් විය යුතුයි - ජනපති

ජනමාධ්‍යයේ සහ සාමාන්‍ය ජනතාවගේ විවේචනවලට ලක්වන කරුණුවලදී ‍පොලිස් දෙපාර්තමේන්තුව නව සැලසුම් සහ වැඩසටහන් ඔස්සේ ක්‍රියා කළ යුතු බව ජනාධිපති ...

ජනමාධ්‍යයේ සහ සාමාන්‍ය ජනතාවගේ විවේචනවලට ලක්වන කරුණුවලදී ‍පොලිස් දෙපාර්තමේන්තුව නව සැලසුම් සහ වැඩසටහන් ඔස්සේ ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් දෙමින් අවධාරණය කළේය.

‍පොලිස්පතිවරයා ඇතුළු ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

‍පොලිස් සේවාව වඩා කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවාවක් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මහජන සම්බන්ධතාවලදී පහළ නිලධාරීන්ගේ විනය පිළිබඳව සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. චක්‍ර‍ලේඛවලින් ලබාදෙන උපදෙස්වලට වඩා සන්සුන් සහ නිදහස් මනසකින් යුතුව ඔවුන්ට රාජකාරි කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

‍පොලිස් සේවාව සහ මහජනතාව අතර අනේ‍යාන්‍ය සුහදත්වය වර්ධනය කරමින් ‍පොලිස් සේවාව පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප තුරන් කිරීම සඳහා කඩිනමින් අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8823982553980441371

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item