ආණ්‌ඩුව නීතිය නමන හැටි විමල් අත්අඩංගුවට ගැනීමෙන් පෙනෙනවා - ඩලස්‌ අලහප්පෙරුම

ආණ්‌ඩුව තමන් කැමැති පාර්ශ්වයන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන ආකාරයත්, ආණ්‌ඩුවට එරෙහි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය නමන ආකාරයත් පාර්ලිමේන්තු...

ආණ්‌ඩුව තමන් කැමැති පාර්ශ්වයන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන ආකාරයත්, ආණ්‌ඩුවට එරෙහි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය නමන ආකාරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් නැවතත් පැහැදිලිවන්නේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම සඳහන් කළේය.ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීම ඔහුට එරෙහිව ආරෝපණය කරන ලද වැරදි සම්බන්ධයෙන් හා ඔහුට එරෙහිව පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ දැඩි විරෝධය පළ කරන බවත් හෙතෙම පැවසීය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ඔහුට එරෙහිව ආරෝපණය කරන ලද වැරදි සහ පොලිසිය කටයුතු කළ ආකාරය දෙස බලනවිට ඔහු දේශපාලන සිරකරුවකු ලෙස දකින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එවකට එම අමාත්‍යංශයේ සිටි නියෝජ්‍ය ඇමැතිවරයා සභාපතිවරයා දෙදෙනාම වත්මන් ආණ්‌ඩුව නියෝජනය කරන දේශපාලනඥයින් බැවින් කිසිම ගැටලුවක්‌ නොමැතිව ඔවුන් එම චෝදනාවලින් ඈත්කර තිබීමෙන් ජනතාව තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සැකයක්‌ මතුවන බවද මන්ත්‍රීවරයා පැවැසීය.

ආණ්‌ඩුවේ පාර්ශ්වකාර අය වෙනුවෙන් රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වන ආකාරයත් තමන්ට එරෙහි අය සම්බන්ධයෙන් නීතිය නමන ආකාරයත් මින් පැහැදිලිවන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ආණ්‌ඩුව සාධාරණ නම් එම චෝදනා තිබෙන එවකට එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා හා අදාළ ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට නොගෙන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පමණක්‌ අත්අඩංගුවට ගැනීමෙන් රටට පැහැදිලිවන්නේ කුමක්‌දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 445293635674126694

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item