රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට ගන්න නීතිපතිගෙන් පෙත්සමක්‌

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතන නඩුව සාක්‌ෂි කැඳවා යළි විභාගයට ගැනීමට මහාධිකරණයට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතන නඩුව සාක්‌ෂි කැඳවා යළි විභාගයට ගැනීමට මහාධිකරණයට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවට අභියාචනා පෙත්සමක්‌ ගොනු කරනු ලැබිණි.එම පෙත්සම අභියාචනාධිකරණය වෙත යෑවීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ ලේඛකාධිකාරිවරිය වෙත නීතිපතිවරයා විසින් ඊයේ (11 දා) භාර දී තිබේ. 

පැමිණිල්ලේ හා විත්තියේ ඉල්ලීම පරිදි කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින් පත් කළ සත් දෙනකුගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක්‌ හමුවේ එම නඩුව විභාගයට ගත් බවත් එම නඩුවේ විශේෂ ජූරි සභාවේ ඒකමතික තීරණය අනුව විත්තිකරුවන් පස්‌ දෙනකු සියලු අධි චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට මහාධිකරණය නියෝග කළ බවත් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබුණි. පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ හා විත්තියේ නීතිඥවරුන්ගේ දේශන පසුගිය 23 වැනිදා දවස පුරා පැවැති බවත් ඉන් අනතුරුව විනිසුරුවරයා විසින් විනිසුරු දේශනය පැවැත්වූ බවත් එමඟින් පෙන්වා දී ඇති නීතිපතිවරයා විනිසුරු දේශනයේදී නඩුවට බලපාන නෛතික සිද්ධාන්ත හා නීතිමය කරුණු ප්‍රමාණවත් අයුරින් ජූරි සභාවට පැහැදිලි කිරීමක්‌ සිදු නොවූ බව පෙන්වා දී ඇත.

විත්තියේ දේශන අවසන් වීමෙන් පසුව තීන්දුව සඳහා නඩුව පසු දින දක්‌වා කල් තබන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කොට රාත්‍රි 11.00 ට පමණ විත්තිකරුවන් සම්බන්ධයෙන් නිගමනයක්‌ ලබාදෙන ලෙසට විනිසුරුවරයා විසින් විශේෂ ජූරි සභාවට දන්වා ඇති බවත් එමඟින්ද පැමිණිල්ලට අගතියක්‌ සිදු වී ඇති බවත් පෙන්වා දී තිබුණි. විශේෂ ජූරි සභාවේ ඒකමතික තීරණය අනුව විත්තිකරුවන් සියලු දෙනා අධි චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරමින් මහාධිකරණ විනිසුරුවරයා විසින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් තමන් අභියෝගයක්‌ නොකරනා නමුත් ප්‍රමාණවත් අයුරින් නෛතික හා සිද්ධාන්තමය කරුණු ජූරි සභාව හමුවේදී පහදා දීමට අධිකරණය අපොහොසත් වීම මඟින් පැමිණිල්ලට අගතියක්‌ සිදු වී ඇති බව පෙනී යැම නිසා එම නඩුවේ සාක්‌ෂි විභාගය නැවත පැවැත්වීමට නියෝගයක්‌ ඉල්ලා සිටින්නේ යෑයිද පෙන්වා දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6938758352817756466

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item