''මන්ත්‍රිවරු කලකිරුනට ආණ්ඩු පෙරලෙන්නෙ නැහැ” -හරීන්

උදා වූ 2017 නව වසරේදී ආණ්ඩුව පෙරලා දමන බවට ඉකුත් වසර අවසානයේදී කෙරුණු ප්‍රකාශ මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇත. රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජ...

උදා වූ 2017 නව වසරේදී ආණ්ඩුව පෙරලා දමන බවට ඉකුත් වසර අවසානයේදී කෙරුණු ප්‍රකාශ මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇත.

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සහ වගකීම් හා බලතල පවරා නොදෙන්නේ නම් තවදුරටත් රාජ්‍ය අමාත්‍ය ධුර දැරීම ඵලදායී නොවන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයත් ඉකුත් වසර අවසානයේදී වාර්තා වූ ආන්දෝලනාත්මක සිද්ධීන්වේ.

මෙවැනි පසුබිමක නව වසරට මුහුණ දෙන්නේ කෙසේදැයිදේශපාලන පක්ෂ කිහිපයකින් විමසා සිටි අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මෙම සංවාදයට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ, ආණ්ඩුවක් පෙරලෙනවාද යන්නෙහි වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බවයි. වත්මන් නායකයන් දෙදෙනා අතරේ එවැනි දෙයක් සිදුවේ යැයි විශ්වාස නොකරන බවත් ඔහු පැවසිය.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් කළකිරීමකින් කළ ප්‍රකාශය පිළිබඳවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙහිදී ප්‍රතිචාර දැක්විය.

එහිදී ඔහු පැවසුවේ “මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පෙරලන්න මූලික වෙඩි මුරය තියපු මටත් කලකිරීම් තියෙනවා. ඇමතිවරු මන්ත්‍රිවරු කලකිරුනට ආණ්ඩු පෙරලෙන්නෙ නැහැ” යනුවෙනි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ, “2017 ආණ්ඩුව පෙරලෙන්නේ කොහොමද කියලා මටනම් තේරෙන්නෙ නැහැ. ජනාධිපතිතුමා කැමති වුණා හෝ නැතා අවුරුදු හතරා මාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. ජනාධිපතිවරණයක් තියෙන්නෙත් තවත් වසර කිහිපයකට පස්සෙයි.

හැබැයි ආණ්ඩුව පෙරලෙන්නෙ නැතිව ඇමතිවරු අගමැතිවරු මාරු කිරීමේ හැකියාව ජනාධිපතිතුමාට තියෙනවා. පලාත් පාළන මැතිවරණය අපි දින්නොත් අපිට පුළුවන් ජනාධිපතිතුමාට කියන්න දැන් රටේ ජන මතය වෙනස් වෙලා.. දැන් මතය තියෙන්නෙ යු.එන්.පී විරෝධියි කියලා.” යනුවෙනි.

ඒ අනුව ඔහු සඳහන් කළේ ආණ්ඩු පෙරලියක් නොවුණත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ වෙනස්කමක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1469851171714661190

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item