පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහරදීමේ නඩුව හිරුණිකා මග හරියි - හදිසියේ රෝහල් ගත වුනාලු
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද...

http://www.sathhanda.com/2017/01/blog-post_47.html

ඇයගේ නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත්තේ තමන්ට ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි.
ඊට අදාල වෛද්‍ය වාර්තාවද හිරුණිකා මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාලාව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් එම නඩුව අද අධිකරණයට කැඳවූ අවස්ථාවේ ඊට අදාල සැකකරුවන් 08 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් වී ඇත.
Related