FCIDය ඉදිරිපිට නොසන්සුන් බවක් (update)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට නොසන්...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට නොසන්සුන් වාතාවරණයක් ඇතිවී තිබේ.එම ස්ථානයට රැස්වූ පිරිසක් සටන් පාඨ කියමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට රැදී සිටියේය.

----------------------------

විමල් වීරවංශ FCID අත්අඩංගුනට ගනී


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය රජය සමගේ රජයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනා මත ප‍්‍රශ්න කිරීම සදහා කැදවා තිබූ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, නිරෝෂන් ප්‍රේමරත්න, වීරකුමාර දිසානායක අැතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පිරිස්ද සමගිනි.ඔහු මාධ්‍ය අමතමින් තමාව අද අත්අඩංගුවට ගන්නට සූදානමක් ඇති බවද කියා තිබුණි. අනතුරුව ඔහු කියූ අයුරින්ම අත්අඩංගුවට ගැනීම සිදුවිය. අත්අඩංගුවට පත් විමල් වීරවංශ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

විදෙස් ගමන් බලපත‍්‍රයේ දෝෂයක් ඇති බව සදහන් කරමින් පසුගිය වසරේද මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6802380230465588832

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item