රටේ ප්‍රශ්න මදිවට සමලිංගික ප්‍රශ්නත් ඇවිත්

භික්ෂූන් වහන්සේලාට අත ඉස්සූ ආණ්ඩුවක් ඉතිහාසයේ කවරදාකවත් ඉදිරියට ගමන් නොකළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ මේ බව කි...

භික්ෂූන් වහන්සේලාට අත ඉස්සූ ආණ්ඩුවක් ඉතිහාසයේ කවරදාකවත් ඉදිරියට ගමන් නොකළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වර්තමානයේ රට තුළ ගැටළු රාශියක් නිර්මාණය වී ඇති බවත්, එයට සෘජු වශයෙන්ම රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා වගකිව යුතු බවත් උන්වහන්සේ කියා සිටියේය.

ඔවුන් විසින් සිදු කරනු ලබන අහස පොළොව නුහුලන විනාශයන්ට ස්වභාවධර්මයා පවා විරුද්ධ වී ඇති බවත්, එය වර්තමානයේ රට තුළ සිදුව ඇති ව්‍යසනයක් සාක්ෂි දරන බවත් උන්වහන්සේ පැවසීය.

මෙම තත්ත්වයන් හමුවේ පැවිදි හඬ නිහඩ වී සිටීම සුදුසු නොවන බවත්, එයට විරුද්ධව පෙළ ගැසෙන බවත් උන්වහන්සේ පෙන්වා දුනි.

එමෙන්ම හම්බන්තොට සිදුවීම තුළ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මැර පිරිස් විසින් ප්‍රහාරයන් එල්ල කළ බවත්, එදා පසුපසට ගියද ඉදිරියේදී එසේ නොවන බවත් උන්වහන්සේ පැවසීය.

ආණ්ඩුවේ ක්‍රියාවන්ට එරෙහිව ඉදිරියේදී වීදි බැසීමට සූදානම් බවත්, හම්බන්තොට සිද්ධියට අදාළ පිරිස් තවමත් නිදැල්ලේ කාලය ගත කරන බවත්, ඒ පිරිස්වලට එරෙහිව ජනාධිපතිවරයා මුණිවත රකින බවද ආනන්ද හිමි පවසයි.

මේ සිද්ධිය හමුවේ ජනාධිපතිවර‍යා නිහඬව සීටීමේ කාලය දැන් ප්‍රමාණවත් බවත්, දැන් ඒ පිළිබඳව සොයා බැලීමට කාලය එළඹ ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුනි.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස මේ දක්වා කිසිත් රට වෙනුවෙන් නොකළ බවත්, අගමැතිගේ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ඔහු කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසීය.

රට තුළ තිබෙන ප්‍රශ්න මදිවට සමලිංගික ප්‍රශ්නත් ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන එන බවත්, එවැනි තත්ත්වයන්ට රට පත් නොකර ඒවා පෞද්ගලිකව සිදුකර ගන්නා ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ආනන්ද හිමි පවසයි.

එමෙන්ම විමල්ගේ සිරගත කිරීම ආණ්ඩුව විසින් සිදු කළ දේශපාලනික පලිගැනීමක් බව පෙන්වා දුන් ආනන්ද හිමි කියා සිටියේ විමල් සිර කළද එවැනි නායකයින් ඉදිරියේදී තවත් බිහිවනු ඇති බවයි.

එමෙන්ම වාහන අවභාවිතා සිදුවීමක් මුල් කරගනිමින් ඔහුව රිමාන්ඩ් කළඳ එවැනි තත්ත්වයන්ට රිමාන්ඩ් කරනවානම් සෑම ආයතනයකම ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරීන් දක්වා සියල්ලන් රිමාන්ඩ් කළ යුතු බවද උන්වහන්සේ පැවසීය.

27දා පැවැත්වීමට නියමිත රැළියේ විමල්ගේ හඬ නැති කිරීමට ඔහුව රිමාන්ඩ් කළ බවද උන්වහන්සේ කියා සිටියේය.

එමෙන්ම දස රාජ ධර්මයෙන් රට පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද වත්මන් ආණ්ඩුවේ පිරිස් දස රාජ ධර්මයන් කියවා හෝ නැති බවත් පෙනෙන බව උන්වහන්සේ පැවසීය.

රතන හිමිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ රතනගේ ධර්ම රාජ්‍ය ගොඩ නැගීම මෙතනින් අවසන් වී ඇති බවත්, උන්වහන්සේ කළ කී දෑ කියනවානම් ස්වාධීනව හෝ සිටීමට නොහැකි තත්ත්වයක් උදාවන බවයි.

මේ අවස්ථාවට එක් වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි කියා සිටියේ වත්මන් ආණ්ඩුව යහපාලනය කෙලෙසා ඇති බවයි.

මේ ආණ්ඩුව තුළ කිසිඳු යහපාලනයක් නොමැති බවත්, එය රනිල් විසින් විනාශ කර ඇති බවත් උන්වහන්සේ පැවසීය.

එමෙන්ම රතන හිමිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ රතන හිමියන් දැන් උන්වහන්සේගේ හෙළුව පෙන්නූ බවත් දැන් උන්වහන්සේ රෙද්ද ගලවා දමා හෙළුවෙන් ඉන්නා බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3298943105342089202

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item