ඊ නිවුස් කර්තෘට නොතීසි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. ...

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥවරයෙකු වන මධුර විතානගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 අද(19) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සඳහන් කර ඇත්තේ අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වගඋත්තරකරු වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් මාර්තු මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරගේ මාලඹේ ලිපිනයට නොතීසි යොමු කිරීමට නියෝග කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6867966858298777901

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item