ජනපතිට අසනීප තත්වයක්? යාපනේ සංචාරය අවලංගුයි

අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය හදිසියේම අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා අද දිනයේ පලාලි...

අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය හදිසියේම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා අද දිනයේ පලාලි කඳවුරේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක අංශ නායකයින් මුණ ගැසීමට නියමිතව තිබූ අතර ‘ජනපතිට කියන්න’ පළමු ශාඛා කාර්යාලය උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කිරීම ඇතුළු තවත් කටයුතු කිහිපයක් සූදානම් කර තිබින.

අද පෙරවරුවේ හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව සිටියත් එයද අවලංගු කර ඇති අතර ඇමති විජේදාස රාජපක්‍ෂ අතින් එය විවෘත කරනු ලැබින.

ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාට අසනීප තත්වයක් මතුව ඇති නිසා මෙම සංචාර අවලංගු කරන ලද දන්වා ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1797880970631508176

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item