පෝෂණ මල්ලත් අහිමි වන ලකුණු
ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ල මාස කිහිපයක සිට විධිමත් ලෙස ලබා නොදෙන බවත්, මේ මාසයට අදාළව ලංකාවේ කිසිදු ස්ථානයක පෝෂණ මල්ල ලබ...

http://www.sathhanda.com/2017/01/blog-post_930.html
.jpg)
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගර්භණී මවකට ගර්භණී සමයේදී මාස 05කුත්, කිරිදෙන සමයේදී මාස 05කුත් වශයෙන් මෙම පෝෂණ මල්ල ලබාදෙන බවට පැවසූ බවද එම සංගමයේ සභාපති දීප්ති ජයතුංග සඳහන් කළාය.
එහෙත් පෝෂණ මල්ල ලබාදීම නිසි ලෙස සිදුනොවන බවත්, මේ වසරට අදාළව කිසිදු ස්ථානයක පෝෂණ මල්ල ලබාදී නොමැති බවත් ඇය පවසා සිටියාය. ගර්භණී හා කිරිදෙන සමයේදී මවගේ පෝෂණය ඉහළ දැමීම සඳහා මෙම පෝෂණ මල්ල ලබාදෙන බවට ආණ්ඩුව සඳහන් කිරීම නිසා ගැබිනි හා කිරිදෙන මව්වරුන් පෝෂණ මල්ල ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ දින ගණනක් රස්තියාදු වන බවද ඇය කියා සිටියාය.
Related