නව ව්‍යවස්ථාවේ රටට අහිතකර කිසිඳු වගන්තියක් ඇතුළත් කරන්නේ නෑ

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළ රටට අහිතකර කිසිඳු වගන්තියක් ඇතුළත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්ගිරි මහ නායක අත...

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළ රටට අහිතකර කිසිඳු වගන්තියක් ඇතුළත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්ගිරි මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ වෙත දැනුම් දී තිබේ.

නව වසරට ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා ඊයේ(31) අස්ගිරි මහනායක හිමියන් බැහැදුටු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇතැමුන් කුමන මත පළ කළ ද යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවයට හෝ සම්බුද්ධ ශාසනයට කිසිඳු හානියක් වන ක්‍රියාමාර්ගයකට තම ධූර කාලය තුළ ඉඩනොතබන බවයි.

කිසිඳු අවස්ථාවක ත්‍රෙයිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තොරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව කෙටුම්පතක් හෝ සැකසීමට සූදානම් නොමැති බව ජනාධිපතිවරයා මහනාහිමියන්ට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

අනතුරුව ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වැඳපුදාගෙන ඇති අතර මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිත්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගෙන තිබේ.

ඉදිරියේ දී මතුවිය හැකි බලශක්ති අර්බුදය පිළිබඳව ද මහනාහිමියන් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළ බව එම මාධ්‍ය අංශය සඳහන් කළේය.

මල්වතු මහනාහිමියන් ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කර තිබේ.

මේ අතර මහනුවර දී මාධ්‍යය ඇමතූ ජනාධිපතිවරයා රටේ සියලු ජනතාවට සුබ නව වසරට සුබපැතුම් එක් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7880778096744646389

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item