පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට – තිස්පහකට තුවාල (PHOTOS)

කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයේ නිට්ටඹුව පස්යාල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිස්පස් දෙනෙකු තුවාල ...

කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයේ නිට්ටඹුව පස්යාල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිස්පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ලංගම බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ හේතුවෙන් කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6098038995496720382

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item