ජුලි 7 ලන්ඩන් ප්‍රහාරය: අනුස්මරණ
පනස් දෙදෙනකුට මාරු කැඳවමින් ඉස්ලාමීය කැරලිකරුවෝ ලන්ඩනයේ ප්‍රවාහන පද්ධතිය ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළේ මින් දස වසරකට පෙරෙයි. ඒ වෙනුවෙන් සංවිධාන...

https://www.sathhanda.com/2015/07/7.html
පනස් දෙදෙනකුට මාරු කැඳවමින් ඉස්ලාමීය කැරලිකරුවෝ ලන්ඩනයේ ප්‍රවාහන පද්ධතිය ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළේ මින් දස වසරකට පෙරෙයි.
ඒ වෙනුවෙන් සංවිධානය කළ අනුස්මරණය උත්සව ලන්ඩනයේ පැවැත්වෙමින් තිබේ.
ශාන්ත පොල් දෙව්මැදුරේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු සහභාගී වෙමින් සිටිති.
උමං දුම්රිය තුනක් සහ බස් රථයක් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාර හතරක් එල්ල වූ අතර ඉන් පළමු ඉලක්කය වූ හයිඩ් පාක් උද්‍යානය වෙත ගිය බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මල් කළඹක් තැන්පත් කොට ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කළේය.
ජුලි හත ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අගමැතිවරයා කියා සිටියේ ‘ත්‍රස්තවාදයට , බ්‍රිතාන්‍ය බියපත් කළ නොහැකියි’ බවයි.
Related