ආක්ෂා සුදාරිගේ බැංකු ගිණුම් තහනම් කෙරේ
ගෝපිරාජ් කවලංගිල් (54) නම් ඉන්දියා ජාතිකයා සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි බොරලැස්ගමුව...
https://www.sathhanda.com/2015/07/aksha-sudari.html?m=0
ආක්ෂා සුදාරි අද අධිකරණයේ පෙනී සිටියාය.
ඇගේ බැංකු හා මූල්‍ය ආයතන 29ක ගිනුම් අත් හිටුවීමට රහස් පොලිසිය අධිකරණයේ අවසරය පැතිය.
ඒ අනුව එම ගිනුම් අත්හිටැවිණි.
ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
හැට්න් නැෂනල් බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ ඇමෙරිකා ඩොලර් 98000ක් (රුපියල් 13034000) ද, එම බැංකුවේ ම කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනුමෙහි රුපියල් 2400000ක් ඔහු විසින් බැංකු ගත කර ඇතැයි ද උසාවියේ දී සඳහන් විය.
මෙම මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වීය.

Related