සන්ධාන නාමයෝජනා පිළිබඳ එකඟතාවක්‌ - මහ ලේකම් සුසිල්

මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාම යෝජනා සම්බන්ධයෙන් කටයුතු අවසන් කර තිබෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන...

මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාම යෝජනා සම්බන්ධයෙන් කටයුතු අවසන් කර තිබෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී සන්ධානයේ අනෙකුත් පක්‍ෂ සමග සාකච්ඡා කර ඊට සම්බන්ධ නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකා නදහස්‌ පක්‍ෂය සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණ අවසන්ව ඇති බවද කී ඇමැතිවරයා තවත් දිස්‌ත්‍රික්‌ක පහළවක්‌ පමණ සඳහා සන්ධානයේ අනෙකුත් පක්‍ෂවල නාම යෝජනා සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කර තිබෙන බවද පැවසීය.

සන්ධානයේ හිටපු ඇතැම් මන්ත්‍රීවරුන්ට මෙවර නාම යෝජනා නොලැබෙන්නේ යෑයි පවතින කතාව පිළිබඳ "දිවයින" කළ විමසීමකදී ශ්‍රීලනිපයේ ප්‍රශ්න විසඳී අවසන් බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධානයේ අනෙකුත් පක්‍ෂවල මන්ත්‍රිවරුන්ට නාම යෝජනා දීම සම්බන්ධයෙන් ගැටලුවක්‌ එම පක්‍ෂ විසින් මතු කර නැතැයිද කීවේය.

ඒ අනුව පොදු එකඟතාවක්‌ මත ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 1910853319729255193

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item