වාරියපොල සෙල්වා වරද පිළිගනී
පසුගිය වසරේ සමාජජාල මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයට පත්වූ වාරියපොල සිදුවීමට සම්බන්ද රොබට් දසන්ලාගේ චන්ද්‍ර කුමාර අලස් සිල්වා නැමති සැකකරු අද මහේ...
https://www.sathhanda.com/2015/07/blog-post_86.html
පසුගිය වසරේ සමාජජාල මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයට පත්වූ වාරියපොල සිදුවීමට සම්බන්ද රොබට් දසන්ලාගේ චන්ද්‍ර කුමාර අලස් සිල්වා නැමති සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයේදී ලිංගික අපහසුතාවයට පත්කල බවට වරද පිළිගත්තේය.
එම අවස්තාවේ එසේ අපහසුතාවයට පත් තරුණිය විසින් සෙල්වාට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය වීමත් සමඟ කාන්තා අයිතිවාසිකම් සහ කාන්තා හිංසනය සම්බන්ධයෙන් රටතුල දැඩි කතාබහත් ඇතිකිරීමට සමත් විය.
දන්ඩනීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ සිය වරද පිළිගන්නා ලදී.
345 වගන්තිය යටතේ කාන්තාවකට ක්‍රියාවකින් හෝ වචනයෙන් හෝ ලිංගිකව අතවරයක් සිදුකිරීම 345 වගන්තිය මඟින් අපරාධ වරදක් ලෙස සලකනු ලබයි.
එම තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදර්ශනා ගුණවර්ධන පැවසූයේ විත්තිකාර පාර්ශවය පළමුව 343 වගන්තිය යටතේ මෙයට වඩා අඩු වරදක් වෙනුවෙන් වරද පිලිගැනීමට කැමැත්ත දැක්වුවද, අවසානයේ 345 වගන්තිය අනුව පිළිගැනීමට කැමත්ත පල කරන ලදී.
මීට අමතරව මේවන විට මෙම තරුණිය නිතිවිරෝධි ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාරියපොල පොලිස් ස්ථානාධීපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොණුකර ඇත.


Related