බලවතුන්ටත් නැවතිය නොහැකි ඇමරිකාවේ ළමා ලිංගික වෙළඳාම

'මට ලැබෙන්න ඉන්නේ ගැහැණු දරුවෙක්! මට කවදාවත් ඕනේ නැහැ මගේ දුව මම වගේ වෙනවා දකින්න' ඇමරිකාවේ ලිංගික වෙළඳාමට බලහත්කාරයෙන් යොමු ක...


'මට ලැබෙන්න ඉන්නේ ගැහැණු දරුවෙක්! මට කවදාවත් ඕනේ නැහැ මගේ දුව මම වගේ වෙනවා දකින්න' ඇමරිකාවේ ලිංගික වෙළඳාමට බලහත්කාරයෙන් යොමු කරන ලද අඩු වයස්කාර තරුණියක් බීබීසිය සමග සිය අත්දැකීම් විස්තර කාළාය.

ඇමරිකා එක්සත් ජනපදයේ පවතින දරිද්‍රතාව, ලිංගික සුරා කෑම සහ පවුල් සංස්ථාව තුළ පවතින දුෂ්කරතා හේතුවෙන් දහස් ගණන් ඇමරිකානු දරුවන් වැරදි මාර්ග වලට යොමු වී සිය ජීවිත විනාශය කරා ගෙන යයි.
ප්‍රසිද්ධ රහසක්

ඇමරිකාවේ ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇති මෙම තත්වය හේතුවෙන් ඇමරිකානු දරුවන් දස දහස් ගණනක් සෑම වසරක් පාසාම ලිංගික සූරා කෑමට ලක් වෙයි.

ඇමරිකාවේ ලිංගික වෙළඳාම වෙනුවෙන් සෑම රාත්‍රියකම අවම වශයෙන් සිය ගණනක් දරුවන් අලෙවි වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඇමරිකාවේ ෆෙඩරල් රහස් ඔත්තු සේවය පවසන්නේ සිය ආයතනය විසින් පසුගිය වසරේ ලිංගික වෙළඳාමට යොදවන ලද දරුවන් 600ක් බේරා ගත් අතර මෙම තත්වය වසංගතයක් දක්වා උඩු දුවමින් පවතින බවයි.

ලිංගික වෙළඳාම බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ ජාවාරම් කරුවන් මගින් පිට රටවල සිට ගෙනෙන ලිංගික ශ්‍රමිකයන් විකිණීමෙන් වුවත් ඇමරිකාවේ ලිංගික සුරා කෑමට ලක්වන බොහෝ දරුවන් ඇමරිකානු ජාතික දරුවන්ය.

මෙම අවාසනාවන්ත තත්වයට ගොදුරු වී ඉන් මුදා ගැනුණු ගැහැණු ළමයින්ට සහ තරුණියන්ට සෙවන සැපයීමට ඇමරිකාවේ ක්‍රියාත්මක වන ඇතැම් සහන සේවා ආයතන සහ ෆෙඩරල් රහස් ඔත්තු සේවය ක්‍රියා කරමින් සිටියි.

ලිංගික වෙළඳාමෙන් ගලවා ගත් තරුණියන්ට සෙවන ලබා දෙන මිනෙසෝටා ප්‍රාන්තයේ පිහිටි ‘බ්‍රේකින් ෆ්‍රී’ (Breaking Free) ආයතනයේ සිටි දැරියන් සහ තරුණියන් සිය අත්දැකීම් බීබීසියට කියා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.

'නොනවතින දම්වැලක්'

තමන්ගේ මවට ඇමරිකානු ඩොලර් නමසීයක් ලබා දුන් සිය නැන්දා කෙනෙකු වයස අවුරුදු දාහතරේදී තමන්ව ලිංගික වෙළඳාමේ යෙදවූ බව එක් තරුණියක් පැවසුවාය.

තරුණිය සිය අමිහිරි අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ නැන්දා විසින් තමන්ව නාදුනන නිවෙස් වලට ගෙන ගිය අතර එහිදී පිරිමින් කිහිප දෙනෙකු අතින් දූෂණය වූ බවයි.

එලෙස තමන්ව නාදුනන නිවෙස් වල හැර ගිය අවස්ථා වලදී තමන්ට අතවර කළ පිරිමින් විසින් ඇයට මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු කළ බවත් ඇය කියා සිටියාය.

‘බ්‍රේකින් ෆ්‍රී’ ආයතනයේ සෙවන ලබමින් සිටි තවත් අඩු වයස්කාර දැරියක් කියා සිටියේ වයස අවුරුදු දාහතරේදී තමන්ව නිවසෙන් පැහැර ගනු ලැබුන අතර වසර දෙකක් දක්වා බලහත්කාරයෙන් ලිංගික වෙළඳාමේ යෙදවීමෙන් පසු ගණිකා වෘතිය සිය ජීවිකාව බවට පත් වූ බවයි.

මත්ද්‍රව්‍ය වලට සහ ඒ හේතුවෙන් ගණිකා වෘතියට ඇබ්බැහි වූ තවත් තරුණියක් සිය අත්දැකීම් විස්තර කළේ, “මේක නොනවතින දම්වැලක්, ඉස්සෙල්ලාම මාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කළා, ඊට පස්සේ මත්ද්‍රව්‍ය ඕනේ නම් මේ රස්සාව කරන්න වෙනවා කියන එක ඔලුවට දැම්මා, මට හැම තිස්සෙම මත් වීමට දැඩි අවශ්‍යතාවක් දැනෙනවා, ඉතින් මේ ජීවිතයෙන් ගොඩ එන්න නම් ඉතා අපහසු කඩුලු ගණනාවක් පනින්න වෙනවා” යනුවෙනි.

බීබීසිය සමග සංවාදයේ යෙදුනු තවත් තරුණියක් වයස අවරුදු දාහතේ පසු වූ අතර කියා සිටියේ සිය අසල්වැසියෙකු විසින් වයස අවුරුදු 12දී සිය උඩුකය නිරුවත් ජයාරූප ගැනීමට මුදල් ලබා දුන් අතර එතැන් පටන් සිය සිරුර මුදලට විකිණීම ඇරඹුණු බවයි.

කඳුළු පිරි දෙනෙතින් ඇය කියා සිටියේ වයස අවුරුදු 12 යනු දැරියකට තමන් වෙනුවෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති වයස් සීමාවක් බවයි.

තවමත් ඇමරිකාවේ වීදි වල අඩු වයස්කාර දැරියන් ලිංගික වෙළඳාමට යෙදවීම වැඩි වැඩියෙන් සිදු වන අතර ඇතැම් තරුණියන් මාස පහක ගැබිනියක්ව සිටියදීත් ලිංගික සුරා කෑමට ලක් වන බවයි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3553165507990390688

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item