අයි.එස්. (IS) පිරිස් නැගෙනහිර ඉන්නවා - බුද්ධි අංශ
අයි එස් ත්රස්ත සංවිධානය සමඟ සබඳකම් පවත්වන පාර්ශ්ව නැගෙනහිර පළාතේ සිටින බවට බුද්ධි අංශ ආරංචි මාර්ග දක්වයි. ගත වූ කාලය තුළ පාකිස්තාන...
https://www.sathhanda.com/2015/07/is-srilanka.html?m=0
ගත වූ කාලය තුළ පාකිස්තානයේ සිට සංචාරකයන් ලෙස පැමිණි අය කොළඹ සිට නැගෙනහිරට ගොස් තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පැවසීය.
ජිහාඩ් ක්රියාකාරීන් ද නැගෙනහිර පළාතේ ක්රියාත්මක වූ අතර, ඒ බව බුද්ධි අංශවලට වාර්තා වූයේ කලකට පසුවය.
මෑතකදී පාකිස්තානයේ අයි එස් අයි බුද්ධි සේවාවට සම්බන්ධ මහනුවර පදිංචි තරුණයකු මැලේසියාවේදී අසුවීමෙන් පසු ශ්රී ලංකාවට පිටුවහල් කර ඇත.
මේ අතර ශ්රී ලංකා පොලිස් බලධාරීන් අයිසිස් ත්රස්ත සන්ධානයට ශ්රී ලාංකිකයන් ගැන තොරතුරු ලබා ගැනීමට තුර්කි, ඉරාක, ලෙබනන් සහ සිරියානු බුද්ධි සේවාවල සහාය පතා ඇත.

Related