රනිල්ගේ වලස්මුල්ලේ රැස්වීමට සජිත් නෑ - සජිත් හීන් සීරුවේ වෙනම ගමනක?

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වලස්මුල්ලේ පැවතිප්‍රධාන ජනහමුව සඳහා මුල්කිරිගල, බෙලිඅත්ත හා තංගල්ල ආසන නියෝජනය කරමින් අපේක්ෂකයින් පැමිණ ...

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වලස්මුල්ලේ පැවතිප්‍රධාන ජනහමුව සඳහා මුල්කිරිගල, බෙලිඅත්ත හා තංගල්ල ආසන නියෝජනය කරමින් අපේක්ෂකයින් පැමිණ සිටියත් තිස්සමහාරාම ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක සජිත් පේ‍්‍රමදාස, තංගල්ල ආසනය නියෝජනය කරන ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ අනෙක් අපේක්ෂකයින් සහභාගි නොවීය.

මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ "මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ 58ටම අනාගතය හදලා දෙන්න තමන් බාර ගන්නවා. මහින්ද රාජපක්ෂ කොන්ක්‍රීට් දැම්මා, වෙන මුකුත් ගෙනාවේ නෑ. මට කොන්ක්‍රීට් වැඩක් නෑ. මම කර්මාන්ත ශාලා ටික ගෙනල්ල දෙනවා. මේ වෙනස මම හම්බන්තොට කරන බවට මම ඔබ සියලු දෙනාට කියනවා. මත්තල ගුවන්තොටුපළෙන් වැඩක් ගන්න ඕනා. මොනොරු විතරක් ඇවිල්ලා මත්තල ගුවන් තොටුපළෙන් වැඩක් නෑ."

අප මින් පෙරත් සඳහන් කලේ සජිත් ප්‍රේමදාස මෙම මැතිවරණය අස්සේ එජාපය තුල වෙනම ගමනක නිරත වෙමින් පවතින බවය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4213618824227978319

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item