කොමියුනිස්ට් පක්ෂය ස්වාධීන වෙයි
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ස්වාධීනව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේ...
https://www.sathhanda.com/2015/08/diu-gunasekara.html?m=0
එහි ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අද (30) මෙම තීරණය ගත් බවයි.
එ් අනුව චන්ද්‍රසිරි ගජධීර මහතාට විපක්ෂයේ අසුන්ගෙන ස්වාධීන මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කිරීමට පක්ෂය අවසර ලබාදුන් බවයි ඩිව් ගුණසේකර මහතා කියා සිටියේ.
කොමියුනිස්ට් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව මෙවරත් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. එ් අනුව එම පක්ෂයේ සාමාජික චන්ද්‍රසිරි ගජධීර මහතා මාතර දිස්ති‍්‍රක්කයෙන් මනාප ඡන්ද 54,251ක් දිනා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ 5 වැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

Related