කච්චතිව් යළි පවරාගන්න - ජයලලිතා මොර දෙයි
කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ...
https://www.sathhanda.com/2015/08/jayalalitha-speaks-about-kachchatheevu.html?m=0
කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත භාරදෙමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඊයේ පැවති ඉන්දීය ජාතික අත්කම් දින සැමරුම් උත්සවයට සහභාගී වන අතරතුර ජයලලිතා ජයරාම්ගේ චෙන්නායිහි පිහිටි නිවසට ගිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් ඇය සමග සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී කච්චතිව් දූපත නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව පවසා ඇති ජයලලිතා ජයරාම්, එය යළි ලබාගෙන ඉන්දීය ධීවර ප්‍රජාවගේ සාම්ප්‍රදායික ධීවර අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය පියවර ගත යුතු බව පෙන්වා දී ඇත.


Related