දළදා මාළිගයේ ඇසළ පෙරහර මංගල්‍යය අද(15) ඇරඹේ

මහනුවර දළදා මාළිගයේ ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකැතට කප් සිටුවීමෙන් අද (15) ආරම්භ වෙයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි ය...

මහනුවර දළදා මාළිගයේ ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකැතට කප් සිටුවීමෙන් අද (15) ආරම්භ වෙයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහ දේවාලයන්හි අද (15) මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා පෙරවරු 5.05ට දකුණු දිශාභිමුඛව කප් සිටුවීම සිදුකළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

සිව් මහ දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු අද (15) සිට පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි.

ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 20 වැනි දින වීදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර 25 දින ආරම්භ වීමට නියමිතය. රන්දෝලි පෙරහර 25 සිට 29 දක්වා පුරා දින පහක් වීදි සංචාරය කරන අතර නිකිණි පුන් පොහෝ දින රාත්‍රියේ අවසන් රන්දෝලි මහ පෙරහරින් අනතුරුව පසුදින (30) දවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5176246271312739166

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item